Sunday 18 April 2021

පුරවැසියනි ! සේනාධිපති නම් ජාවාරම්කරුට හෙල ශිෂ්ඨාචාරයේ තොටිල්ල වැනසීමට ඉඩ දෙන්න එපා

ඉතිහාසඥයන් විසින් රඹකැන්ඔය හදුන්වන්නේ හෙල ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙසිනි. නමුත් මේවන විට රඹකැන්ඔය ජාවාරම් කරුවන් විසින් අත්පත් කොට ගෙන ඇත . ඔවුන් ජල මූලාශ්‍ර වනසමින්, අලි මංකඩ වනසමින් විශාල වන සංහාරයක් සිදු කරමින් පවතියි.

නැගෙණහිර වන විනාශය නතර කිරීම සදහා හමුදාවේ සහ පොලිසියේ කඩාපනින ඒකකයක් යොදවා ඇතැයි කියා ආණ්ඩුවේ සට්ටැඹි ධේණුවක් වන අනුරාධා යහම්පත් ප්‍රකාශ කළාය.

කැලෑ පාලුවන් ඇල්ලීමට ගුවන් හමුදාවේ UAV (නියමුවන් රහිත ගුවන් යානා) බළඝණය යොදවන බව ආරක්ෂක ලේකම් කීවේය.

අහෝ! කැලෑ කැපීම් වාර්තා කිරීමට හදුන්වා දුන් 070-7011117 සහ 1997 හොට්ලයින් වලට දහස් ගණනක් පැමිණිලි / තොරතුරු ලබා දී ඇත. නමුත් කථා පමනි , අත්අඩංගුවට ගත් එකෙක් නැත.රඹකැන්ඔය වන සංහාරය දිගටම සිදු වෙයි

කොටි නායක ප්‍රබාකරන් බල්ලෙක් වාගේ මරල ඇදන් ආව කියල පුරාජේරු ගහපු , උතුරු නැගෙනහිර යුද්ධයේ වීරයා තමන් යයි කියමින් පොත් ලියපු කමල් ගුනේට සහ නන්දසේනට මහ දවල් අක්කර දහස් ගනන් කැලෑ කපන උන් අල්ලා ගැනීමට නොහැකි වී ඇත.

ඒ කියන්නේ එක්කෝ කැලෑ පාලුවෝ එල්.ටී.ටී කාරයින්ටත් වඩා බලවත් එහෙම නැත්නම් කැලෑ කපන්නේ ගෝටගේ සහ කමල් ගුනේගේ යාළුවො. මේ වන විට නැගෙනහිර පලාතේ කැලෑ කපන ප්‍රධානතම පුද්ගලයා නන්දසේනගේ ඔඩොක්කු කුක්කෙකු වන නිශ්සංක සේනාධිපතිය.

සේනාධිපති මේ වන විට බඩ ඉරීගු සැපයීම සඳහා නෙල්නා සමාගම සමග ගිවිසුමක් අත්සන් කර ඇත.සේනාධිපතිම කියන පරිදි බඩ ඉරිගු වැවීමට අක්කර 50000ක් සහ සිරකරුවන් දස දහසක් ලබා දෙන්නේ නන්දසේනය.

මේවන විට පූජ්‍ය පක්ෂය , ආදී වාසීන් , සිවිල් පුරවැසින් ඇතුළු බොහෝ දෙනෙක් සේනාධිපතිගේ රඹකැන් ඔය වන විනාශයට එරෙහි වී ඇත. රඹකැන් ඔය ආදිවාසී නායකයට අල්ලස් දීමට ගිය සේනාධිපති පොරෝ පහරක් නොකා අනූ නමයෙන් බේරුන බව මාධ්‍ය වාර්තා කොට තිබුණි.

ඉතිහාසඥයන් විසින් රඹකැන් ඔය හදුන්වන්නේ හෙල ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙසිනි. සේනාධිපති නැමති ජාවාරම්කරු විනාශ කරන්නේ අමිල සම්පතකි. පක්ෂ පාට භේදයකින් තොරව සේනාධිපති නැමති ජාවාරම් කරුට එරෙහි වීමට යුතුකමක් ඇත

සැ.යු – නිශ්සංක සේනාධිපති යනු හතරවන ඊලාම යුධ සමයේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ප්ලේන්ටියකින් උදව් කළ අයෙක් නොවේ . යුද්ධය අවසන් වූ පසු ජාවරම් කිරීමට ගෝඨාභයට හේත්තු වූ අයෙකි

No comments:

Post a Comment