Friday 14 May 2021

වර්ග දෙකකින් එන්නත් විද්දොත් මෙන්න වෙන දේ ..

 


කොවිඩ් එන්තත් මාත්‍රා දෙක එකිනෙකට වෙනස් එන්නත් වර්ගවලින් ලබා දීමෙහි ප්‍රති විපාක ගැන   බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වාර්තාවක් නිකුත් කොට ඇත 

එයට අනුව  එන්නත් මාත්‍රා දෙක ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන එන්නත්වලින් ලබා දුන් විට වැඩි දෙනකු අතුරු ආබාධවලට ලක් වීමට ඉඩ ඇති බව  වාර්තා කොට ඇත 

 ඇඟ සීත කිරීම, හිසරදය, මස්පිඬුවල වේදනාව ආදී ලක්‍ෂණ පළ කළ පිරිස මෙහි දී වැඩි වී තිබිණි.

 ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙන්ම මාත්‍රා දෙකම ලබා දුන් විට අතුරු ආබාධවලට ලක්ව තිබුණේ සියයට 10 ක පමණ ප්‍රතිශතයක් පමණි. නමුත් එන්නත් මිශ්‍ර කළ විට එම ප්‍රතිශතය සියයට 34 ක් දක්වා වැඩි වූ බව ඉහත පර්යේෂණ වාර්තාව අනාවරණය කර තිබිණි.

 යම් එන්නත් වර්ගයක සැපයුමෙහි අඩුවක් සිදු වුවහොත් දෙවැනි මාත්‍රාව සඳහා වෙනත් එන්නත් වර්ගයක් ලබා දිය හැකි ද යන්න පිළිබඳව සොයා බැලීමට ද විශේෂඥයන්ට අවශ්‍ය විය.

Aruna newspaper 

No comments:

Post a Comment