Monday 10 May 2021

කොරෝනා අස්සේ මෙල්වා සමාගමේ බැංකු ගිණුමෙන් කෝටි ගණනක් ඇද්ද හැටි?

 


මෙරට ප්‍රධානතම වානේ කම්බි නිෂ්පාදිත සමාගමක් වන මෙල්වා සමාගමේ ගිණුමකට අදාළව චෙක් පොතක් ව්‍යාජ ලෙස මුද්‍රණයකොට රුපියල් ලක්ෂ 430ක මුදල් ප්‍රමාණයක් ලබා ලබා ගත් කොල්ල කල්ලියක් මේ සතියේ පොලිස් අත්අඩංගුවට පත් විය .

අලුත් අවුරුදු සමයෙන් පසුව පසුගිය 17 වැනිදා මෙල්වා සමාගමේ සේවකයෝ සේවයට වාර්තා කළහ. එදින එහි ගිණුම් අංශ සේවිකාවක්  සමාගමේ  බැංකු ගිණුම  පරීක්ෂා කළාය. 

ගිණුම පිරික්සූ ඇය තුෂ්ණිම්භුත වූවාය. ඒ සමාගමේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 430ක මුදලක් අඩුවී ඇති බව දුටු හෙයිනි.ඇය  වහා බැංකු ශාඛාව අමතා විමසන්නට කටයුතු කළාය. 

අප්‍රියෙල් 12 වැනිදා පැය තුන හතරක කාල පරාසයක් තුළ එම මුදල් ප්‍රමාණය අඩුවී ඇති බව හෙළි විය. නමුත් මුදල් නිකුත් කිරීමට අදාළව 2019 වසරේදී මෙල්වා සමාගම නිකුත් කළ  චෙක්පත් 6ක් එම මුදල් නිකුතුවට බැංකුවට ලැබී තිබිණි.සමාගම මූල්‍ය වංචාව පිළිබඳව පොලිසියට පැමිණිලි කෙරිණි.

විමර්ශන කණ්ඩායම අදාළ බැංකුවේ චෙක්පත් මුද්‍රණය කරන ආයතනයෙන් විමසීමක්  කළේය.චෙක්පත් ව්‍යාජව නිර්මාණය කර ඇති එහිදී අනාවරණය වූයේය.

සියලු සාක්ෂි රැස්කරගත් සීඅයිඩී නිලධාරිහු හංවැල්ලේ ප්‍රදේශයේ සැක කටයුතු මුද්‍රණාලයක් ආසන්නයේ  රැකවල්ලා සිටියහ. එක් මොහොතක  කේඩීඑච් වෑන් රථයකින් තිදෙනෙක් බැස්සේය. නිලධාරිහු  සැක කළ බැංකු නිළධාරීයෙකුද එහි විය  

තමනගේ 'ගේම' ගැන සීඅයිඩීය පසුපස හඹා එන බව කන වැකී සිටි ඔවුන් තිදෙනා එම ස්ථානයට පැමිණ තිබුණේ පලා යාමේ අටියෙනි. චෙක්පත් වංචාවේ සියලු සාක්ෂි සහිතව සන්නද්ධව සිටි සීඅයිඩි නිලධාරින් වෑන් රථය සමඟ තිදෙනාම අත්අඩංගුවට ගැනිණි.ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව තවත් සැක කරුවන් 6 දෙනෙක් අත් අඩංගුවට පත් විය .


No comments:

Post a Comment