Thursday 6 May 2021

මාස්ක් නැතිව ‘නිදහස’ සමරන්න සූදානම් වෙන්න: බයිඩන් අමෙරිකානුවන්ට කියයි

 


එළඹෙන ජූලි 04 වැනි දිනට යෙදී ඇති අමෙරිකාවේ නිදහස් දින සමරු උළෙල මුව ආවරණ නොමැතිව සැමරීමට සූදානම් වන ලෙස එරට ජනාධිපති ජෝ බයිඩන් සිය ජනතාවට දැනුම් දී ඇත.

කොරෝනා මුල් අදියරේදී අමෙරිකාවෙන් විශාල රෝගීන් ප්‍රමාණයක් සහ මරණ ප්‍රමාණයක් වාර්තා වුවද එන්නත් වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක කිරීමත් සමග රෝගය පාලනය කර ගැනීමට අමෙරිකාව සමත් විය.

එම එන්නත් ක්‍රියාවලියද සමස්ත අමෙරිකානුවන් ඉලක්ක කරගනිමින් නිසි ක්‍රමවේදයක් යටතේ සිදු කළ අමෙරිකාව මේ වනවිට සමස්ත රටවැසියන්ටම එන්නත ලබා දීමට කටයුතු ‌කොට ඇත.

එමෙන්ම ඉතිරි එන්නත් තොග මේ වනවිට දිළිදු රටවලට ලබා දීමටද අමෙරිකාව එකගතාව පළ කොට ඇත.

No comments:

Post a Comment