Tuesday 4 May 2021

වසරකට පෙර තාරුණ්‍යයේ බලාපොරොත්තුව වූ නන්දසේන මුස්පේන්තුවේ සංකේතය බවට පත් වීම කොමඩියක් නොවේ


අපොස උසස් පෙල ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව  තිබුනේ පසුගීය  අප්‍රියෙල් මාසයේදීය . කිහිප වතාවක් කල් ගිය එය අවසානයේදී මැයි මස 4වන දින එනම් ඊයේ නිකුත් විය. 

උසස් පෙල විභාගය පාසැල්  දිවි සැරිය නිමා කරන අවසන් කඩුල්ල්ලය. මෙම  කඩුල්ල පැනීමත් සමග  දෙමාපියන් සෙවනේ වැඩුණු දරුවෙකු  සමාජයට එක් වෙයි.

නව යොවුන් තරුණයන්ගේ සමාජ ගත වීම ජාතික වැදගත් කමකින් යුතු සංසිද්ධියකි. ඕනෑම  රටක අනාගත දිශානතිය තිරණය කරන්නේ අධ්‍යපනය නිමකොට සමාජ ගත වන  තරුණ තරුණියන්ය.

අවාසනාවට   අධ්‍යාපනය නිමා කොට සමාජ ගත වන තරුණ තරුණියන්ගේ ආනගතය සුරක්ෂිත කිරීමට ලංකාවේ  කිසිම වැඩ පිළිවෙලක් නැත.

ලක්ෂ 3ක පමන පිරිසක් සෑම වසරකම  පාසැල් අධ්‍යාපනය නිමා කොට  ‍රැකියා වෙළද පොලට  එකතු වෙයි. නමුත්   රජයට සහ පෞද්ගලික අංශයට සම්පාදනය කළ හැක්කේ 25000 පමන ‍රැකියා ප්‍රමාණයකි.රට තුල පිළිසරණක් නොමැති කල  සෑම වසරකම  220,000 පමන පිරිසක් රැකියා සොයා විදේශ ගත වෙයි.

 වෙනත් වචන වලින් කිවහොත්   පට්ට දේශප්‍රේමි , සිංහළ බෞද්ධ , ලෝකයේ උතුම්ම රාජ්‍යය ජාතියේ දරුවන්ට ලබා දෙන්නේ  ‍රැකියා 25,000 ක පමන සොච්චමකි.සෑම වසරකම  ලංකාවේ දරුවන් ලක්ෂ 2 කට පමන  මැද පෙරදිග හම්බයන්  ‍රැකියා ලබා දෙයි .

 පාසැල් අධ්‍යාපනය නිමා කරන නව යොවුන් තරුණයන්ගේ ඉරණම ක‍ටුක එකකි. උසස් පෙල පන්තියට ඇතුල් වෙත්ම එම අභියෝගය  සෑම සිසුවෙකුගේම,දෙමව්පියෙකුගේම  සිතේ හොල්මන්  කරයි.

මෙවන් තත්වයක් තුල නන්දසේන ගෝඨාභය , ඔරකල් ඩේටා බේස්, IT හබ්, AI, E commerce ,  වැඩ කරන රටක් ගැන  ලස්සන කථා කීවේය.  තරුණයන්ට  ගෝඨාභයගේ ආගමනය නැවුම් බලාපොරොත්තුවක් විය .

ඔවුන්ගේ දුරකථන ''රිගිං ටෝන්'' එක  වැඩ කරන විරුවා ගීතයට මාරු විය. වැඩ කරන විරුවා ගීතය  ප්‍රිය සාද වල අනිවාර්ය වූ අතර එහි තාලය අල්ලමින් නැටීම උන්මාදයක් විය .

තවත් වරෙක  නව යොවුන් තරුණයන් තාප්ප බිත්ති පුරා ඔවුන් බලාපොරොත්තු වූ  ලෝකය සිතුවම් කලේය

අහෝ ! සිදු වූයේ හිනයකින් වත් නොපැතූ දෙයකි.ගෝඨා මුලින්ම අත තැබුවේ තරුණ තරුණියන් මහත්සේ පෙම්  කළ පරිසරයටය.වසරක් වැනි කෙටි කාලයක් තුල ගෝඨා  ලාංකික තරුන්‍යයේ හදවත් පලා ලුණු දැමුවේය.

වසරකට පෙර තාරුණ්‍යයේ බලා පොරොත්තුව වූ නන්දසේන  ගෝඨාභය අද වන විට මුස්පේන්තුවේ සංකේතය බවට පත්ව ඇත .ඉහත ඡයාරූපයේ ( ස්ක්‍රීන් ශොට් ) එකේ සැඟවුන කථාව එයයි.එය හුදු එක්  සංවාදයක් වුවද  ලාකීය දේශපාලනය ගැන  භාවමය ප්‍රකාශනයකි

උසස් පෙල  අසමත් ප්‍රතිඵලය සංකේතවත් කිරීමට එනම්  '' F '' වෙනුවට ඔවුන් අළුත් පාරිභාෂිතයක් හදුන්වා දී ඇත .  සිසුන්  Fail වෙනුවට යොදන්නේ  '' නන්දසේන  ''බ්‍රෑන්ඩ් එකය . 

කලෙක තරුණයන්ගේ බලාපොරොත්තුවේ සංකේතය  වූ  ''නන්දසේන ගෝඨාභය''  කෙටි කලයක් තුල මුස්පේන්තුවේ සංකේතය බවට පත්වීම කොමඩීයක් නොවේ , දෙකෝටියක් ජනයා  විඳවන ට්‍රැජඩියකි





No comments:

Post a Comment