Sunday 2 May 2021

ශානි ගැන තීන්දුව මැයි මස 13 වැනිදා


ජන 8 විප්ලවයේ ප්‍රධාන තේමාව වුයේ රාජපක්ෂ යුගයේ කළ සොරකම් සෙවීම සහ සොරුන්ට දඩුවම් පැමින වීමය. 62 ලක්ෂයක් ජනයාගේ ඒකායන බලා පොරොත්තුව එය විය 

නමුත් ජන 8 විප්ලවයේ නියමුවා වූ සීරිසේන වීප්ලවය උපන් ගෙයිම පාවා දුන්නේය . සීරිසේන දිවුරුමේ තීන්ත වේලීමටත්  පෙර ගෝඨා සමග ගිවිසුම් ගත විය රනිල් හීන් නූලෙන් මහින්ද සමග ඩීල් කළේය . 

හොරු ඇල්ලීමට පත් කර නි.පොලිස්පති  රවි විද්‍යාලංකාර ද්‍රෝහියෙක් විය .අවසානයේ හොරු ඇල්ලීම් ශානි වැනි නිළධාරීන් කිහිප දෙනෙකුට සිමා විය 

පාස්කු ප්‍රහාරයත් සමග දේශපාලනය උඩු යටිකුරු විය . යලි රාජපක්ෂලා බලයට ආවේය . ඔවුන් බලයට පැමිනි විගස ශානි ගෙන් පලි ගැනීම ඇරඹුවේය 

අහෝ! දැන් කිසිවෙකුට ශානිලා මතක නැත. වැ‍ටුපත් අහිමිව ඔහු සිරගෙයි තපිමින් සිටියි

රවි විද්‍යාලංකාර මෙන් ද්‍රෝහියෙකු වූයේ නම් ශානිට මෙවන් විපතක් අත්වන්නේ නැත. අවංක නිළධාරියෙකුට ලංකාවේ පැවැත්මක් නැති බවට ශානි කදීම නිදර්ශනයකි

ලංකාවේ පැවැත්ම ඇත්තේ රවි විද්‍යාලංකාර වැනි ද්‍රෝහීන්ටය

ශානි වාස් ගුණවර්ධන එරෙහිව බොරු සාක්ෂි සෑදූ බවට සැක පිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත

ශානි ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම ලබන මැයි මස 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (29) තීරණය කළේය.

රෝගාබාධ කිහිපයකින්ම පෙළෙන  ශානිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව ශානි  වෙනුවෙන් පෙනී සිටින නීතිඥ විරාන් කොරයා  අවධාරණය කර සිටිය

1 comment:

  1. Give him bail, so that he can go and wash pots for Ranjan, as he promised in that phone call, and Ranjan is not at home to wash pots.

    This man is a disgrace to the Police (or any govt department) He agree to to send police documents to Ranjan via 3 wheel driver.

    He could be a good officer but blinded by politics. Good lesson to people who trust politicos.

    ReplyDelete