Saturday 1 May 2021

පුරවපු සේන – පුපුරවපු සේන සහ පැතිරවපු සේන


 ලංකාව පාලනය කරපු පාලකයන්ගේ ලිස්ට් එක දිහා බලපුවම “සේන” ලා කිහිපදෙනෙක්වම මුණගැහෙනවා. ඒ අතරින් රාජාණ්ඩු කාලෙට අයිති ප්‍රසිද්ධම සේන තමයි ක්‍රිස්තු පූර්ව 455 විතර ලංකාව පාලනය කරපු ධාතුසේන. අනුරාධපුර යුගයට අයිති ධාතුසේනගේ පාලන සමයෙදි රටේ කෘෂිකර්මාන්තයට සහ Art & Culture field එකට Special contribution එකක් දැක්වුවා කියල තමයි ඉස්කෝලේ ඉතිහාස පාඩමේදි අපිට ඉගැන්නුවේ. කලා වැව ඇතුලු දැවැන්ත වැව් 18 ගොඩනඟලා, අහස් දියෙන් පුරවලා, යෝධඇල හදලා රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කලා විතරක් නෙවෙයි අදටත් හිතාගන්න බැරි විශ්වකර්ම නිර්මාණයක් වන අවුකන බුදු පිළිමය අඩි 43ක් උසට තනිගල් කුට්ටියක නිර්මාණය කලෙත් ධාතුසේනගේ අවුරුදු 18 ක era එකේදි කියලා තමයි එයාව ඉතිහාසයේ ලියවිලා තියෙන්නේ.

ධාතුසේනගේ වැව් පිරවිල්ල ලංකාවේ මිනිස්සුන්ට කොයිතරම් impactful ද  කියනව නම් අදටත් උතුරු මැද පලාතේ ගොවියෝ තමුන්ගේ ගොවිතැනට ඕනේ කරන වතුර ටික ධාතුසේන පුරවපු වැව් වලින් ගන්නවා.

අවුරුදු 20 කට ආසන්න කාලයක් වැව් පුරවපු ධාතුසේනගෙන් එයාගේ පුතන්ඩිය හංගපු වස්තුව කෝ කියල ඇහුවම කලාවැවේ පුරවපු වතුර ටික තමයි තමන්ගේ එකම වස්තුව කියල මරණය වැළඳගත්ත කියලා තමයි අපේ ඕල්ඩර් ජෙනරේෂන් එක කියන්නේ.

ධාතුසේනගෙන් පස්සේ මෑත ඉතිහාසයේ අපිට අමතක නොවන “සේනලා” දෙන්නෙක් ඉන්නවා. ඉන් පලමුවැන්නා තමයි සිරිසේන. පොලොවෙන් මතුවෙලා යහපාලනයක් ගෙනියනව කියලා බලයට ආපු සිරිසේනට five years කම්ප්ලීට් කරපු ගමන් සිංහාසනයෙන් බහින්න සිද්ධ වුනේ 2019 අප්‍රේල් 21 දා සිද්ධවුන Easter attack එක. මුස්ලිම් extrimistsලා හත් දෙනෙක් කොළඹ සහ මඩකලපුවේ සිදුු කරපු පුපුරවා ගැනිම් ගැන පෙර දැනුවත් වෙලා හිටියත් ඒක වලක්වාගන්න කිසිම action එකක් ගත්තේ නෑ කියන එක තමයි සිරිසේනට තියෙන ලොකුම චෝදනාව. මේ පුපුරවා ගැනීම් වලින් 300 කට ආසන්න පිරිසක් මිය ගියා. රටේ economy එකට severe damage එකක් වුනා. පිපිරෙන එක දැනගෙන හිටියා කියන චෝදනාව නිසා සිරිසේනට සිංහාසනය අත අරින්න සිද්ධ වුනත් තවත් “සේන” කෙනෙකුට බලයට එන්න මේ පිපිරවීම් helpful වුනා.

සිරිසේනගේ අනුප්‍රාප්තිකය එහෙම නැත්නම් successor වුනේ නන්දසේන. පාස්කු පිපිරවීම්වලින් පස්සේ සමාජයේ ඇති වෙච්ච ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න, සෘජු තීරණ ගැනිමේ නොහැකියාව, විනය, පිලිවෙල වැනි factors මාකට් කරල නන්දසේන බලයට එන්නේ හැට නව ලක්ෂයක massive majority එකකින්. නන්දසේනට බලය දුන්න මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතාවයක් වුනේ පුපුරනව කියල දැන දැනත් සිංගපූරුවේ ගිහින් ආතල් ගත්ත “හිටං හුටං” කෙනෙක් වෙනුවට රටට ආදරේ කරන , පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන ඉහලින්ම හිතන කෙලින් වැඩ කරන “පුටිං” කෙනෙක්. Direct පොලිටික්ස් නොකරපු නන්දසේන එක්ක අරටු බැහැපු දේශපාලඥයෙක් වෙච්චි අයියන්ඩි විතරක් නෙවෙයි එයාගේ පුතන්ඩියෝ සෙට් එකටත් off-road පදින්න හම්බ වෙන්නේ නැ කියල තමයි චන්දෙ දුන්නු මිනිස්සු හිතුවේ.

නන්දසේන බලයට ඇවිල්ල මාස කිහිපයකින් කොරෝනා pandemic එක ලෝකය පුරා පැතිරෙන්න ගත්ත. ලංකාවේ පලවෙනි කොරෝනා patient හම්බ වුනේ චිනයේ වුහාන්වල පැතිරෙන්න අරන් මාස තුනකට පස්සේ. ලංකාවට කොරෝනා වෛරසය එන එක වලක්වා ගන්න corrective සහ preventive actions ගන්න කියල health sector එකේ ප්‍රවිණයන් සහ රටට ආදරේ මිනිසුන් කට කැඩෙනකං කියවද්දි නන්දසේන ඒවා පයිසෙකටවත් ගනන් ගන්න බවක් පෙන්නුවේ නැ. “ප්‍රභාකරන් එක්ක යුද්දෙ කරපු මට කොරෝනා මොන කජ්ජක්ද.”ටීවී එකේ “හිකි හිකි” ගගා නන්දසේන කිව්වා. කොරෝනා වෛරස ටිකෙන් ටික රට පුරා පැතිරෙන්න ගත්තත් නන්දසේනගේ objective එක වුනේ චන්දෙ තියලා දිනාගන්න එක.

චන්දෙ කාලෙදි කොරෝනා පැතිරෙන එක හංගල, චන්දෙ දිනා ගත්තයින් පස්සේ ටීවී එකේ පෙනී හිටපු නන්දසේන “හොඳටම කරේ” එයා විතරයි කියල කටමැත දොඩන්න අමතක කලේ නැ.

පසුගිය ඔක්තෝබර් මාසයේ ඉඳන් පාලනයකින් තොරව රට පුරා පැතිර ගිය කොරෝනා ව්‍යසනයේ පැතිරීම ගැන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කලේ නන්දසේනගේ ගෝලයන් නිසා රටේ පුරවැසියන්ට ඒ තොරතුරු විශ්වාස කර කටයුතු කරනවා හැර වෙන option එකක් තිබුනේ නැ. සාමාන්‍යයෙන් දිනකට රෝගීන් 700 ක් පමණ හමුවූවත් පසුගිය මාර්තු මසයේ මැද ඉදන් එක් විටම දිනකට හමුවන රෝගින් ප්‍රමාණය 200 ක පමණ  සාමාන්‍යයකට අඩුවුනා කියල තමයි statistics වලින් පෙන්නුවේ. ඒ අතරම රටේ කොරෝනා පැතිරීම පාලනය කර ඇතැයිද මිනිස්සුන්ට මෙදා පාර නිදහසේ අවුරුදු කන්න බාධාවක් නැතැයිද යන මතය ඉතාමත් සියුම්ව සමාජගත කරන්න නන්දසේනගේ propaganda කැම්පේන් එක සමත් වුනා. මේ කතාව believe කරපු මිනිසුන් පුලු පුලුවන් විදිහට අවුරුදු කන්න සෙට් වුනා. තෑගිබෝග ගත්තා. අවුරුදු නෑගම් ගියා.

Control කලා කියල හංගල තිබ්බ කොරෝනා බෝබ්බය පත්තු වුනේ හරියටම පාස්කු බෝම්බ පුපුරලා අවුරුදු දෙකකට පස්සේ අප්‍රේල් 21 දා. මීට පෙර කොළඹ කේන්ද්‍රියව බස්නාහිර පලාත තුල වැඩි වශයෙන් හමුවූ කොරෝනා රෝගින් රට පුරා පැතිරිලා පොකුරු පිටින් හමුවෙන්න පටන් ගත්තා. රෝහල් වල ධාරිතාවය ඉක්මවා යන්න දින දෙක තුනකට වඩා ගතවුනේ නැ. “කටින් වැඩ කෝටියක්” කලත් බලයට ඇවිත් මාස 18 කට පස්සෙත් එකම එක ICU ඇඳක් වත් ජාතික රෝහල් පද්ධතියට එකතු කරන්න නන්දසේනට පුලුවන් වෙලා නෑ. ඉන්දියාවෙන් එන්නත දෙන්න බෑ කිව්වට පස්සේ ඒ වෙනුවට alternative එකක් හොයාගෙන රටේ පුරවැසියන්ව ආරක්ෂා කරගන්න efficient වැඩපිලිවෙලක් නන්දසේනට තියෙන පාටක් නෑ. නන්දසේන ගම වටේ කයිවාරු ගගහ යන වෙලාවේ එක රෝහලක් හදන්න උපදෙස් දුන්නනම් මේ වෙලාවේ රෝහලක් නැතිව දුක්විඳින කොරෝනා රෝගින්ට විශාල සහනයක් වෙන්න ඉඩ තිබුණා. ඒත් ඒවා එහෙම වුනේ නැත්තේ නන්දසේනගේ vision එක පුරවැසියා ඉලක්ක කරගත් එකක් නොවන නිසයි.

අපි මුලින් කතා කරපු ධාතුසේනගේ විෂන් එක people centric. ඒ කියන්නේ ජනතාව කේන්ද්‍රකරගත් දැක්මක්. ඒ නිසා තමයි ධාතුසේන පුරවපු වැවෙන් වතුර අරං අදත් මිනිස්සු ගොවිතැන් කරන්නේ.

දෙවෙනියට කතා කරපු සිරිසේනගේ වගේම අන්තිමට කතා කරපු නන්දසේනගේ vision එක ජනතාව මූලික කරගත් එකක් නෙවෙයි. එයාලට රටේ මිනිස්සුන්ට වඩා තමුන්ගේ මාස්ටර්ලව වටිනවා.


ඒ නිසා තමයි පුපුරනවා කියලා දැනගෙනත් සිරිසේන බලන් හිටියේ.
ඒ නිසා තමයි පැතිරෙනවා කියල දැන දැනත්  නන්දසේන බලන් හිටියේ.

දෙව්මිත් රාජසිංහ ලියයි

No comments:

Post a Comment