Friday 14 May 2021

අම්මට සිරි ....ලෝකෙටම එකයි ! දෙමාපියන්ට කොවඩි නම් දරුවන් පරිවාසයට…! සබරගමු ආණ්ඩුකාරයා කියයි


 මව්පියන් දෙදෙනාම කෝවිඩ් ආසාදිත බව තහවුරු වී විට ඔවුන් රෝහල් වලට යවන බවත්  එවිට ඔවුන්ගේ දරුවන්ට නිසී ආරක්ෂාවක් නැති නම් සබරගමු පළාතේ පරිවාස දෙපාර්තමේන්තුවේ බාරයට පත්කරන බව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව පවසයි.

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට, ගොමාඩුව පිහිටි පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ පූර්ණ ආරක්‍ෂාව යටතේ ඇති මධ්‍යස්ථානය ඒ සඳහා තොරාගෙන ඇති බව පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

රත්නපුර දිස්ත‍්‍රික් කෝවිඞ් මර්දන කමිටුවට සූම් තාක්‍ෂණය ඔස්සේ පසුගිය 133දා පැවති අවස්ථාවේ පළාත් ආණ්ඩුකාරවයා මේ බව නිවේදනය කළේය.

ඇතැම් පවුල්වල මව්පිය දෙදෙනාම කෝවිඩ් ආසාදිතව ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යාමේ දී ඔවුන්ගේ දරුවන්ට රැකවරණ දීම පිළිබඳ ගැටලුව පැන නැගුණු අවස්ථාවේ ඊට පිළියම් යෙදීමට ආණ්ඩුකාරවරයා මෙසේ මැදිහත්විය.

No comments:

Post a Comment