Wednesday 5 May 2021

කොරෝනාවෙන් මැරුණු පියාගේ දේහය පුච්චද්දී දුවත් දර සෑයට පනී


කොරෝනා නිසා මිය ගිය පියෙකුගේ දැවෙමින් තිබූ දර සෑයට ඔහුගේ දියණියක් පැනීමක් සම්බන්ධව ලෝකයම කම්පාවට පත් කරන ලද කතාවක් ඉන්දියානු මාධ්‍ය අද (05) දිනයේ වාර්තා කර තිබුණි.

 කොවිඩ්-19 වෛරසයට ගොදුරු වීමෙන් 73 හැවිරිදි මෝඩර්දාස් ෂර්ඩා රාජස්ථානයේ බාර්මර් දිස්ත්‍රික්කයේ රෝහලකදී මිය ගියේය. 

ෂර්ඩාගේ දේහය ආදාහනය කරමින් තිබියදී ඔහුගේ බාල දියණිය  එම ගිනි ඇවිලෙමින් තිබෙන දර සෑයට පැන ඇති අතර ඇය එහිදී බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. 

ඇයව වහාම අසළ පිහිටි රෝහලකට ඇතුළත් කළත් පසුව වැඩිදුරටත් ප්‍රතිකාර කිරීම සඳහා ජෝද්පූර්හි රෝහලකට යොමු කළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියි

 දමෝදර්දාස් ෂර්ඩාට දියණියන් තිදෙනෙක් සිටි බවත් ඔහුගේ බිරිඳ මීට කලකට පෙර මිය ගොස් ඇති අතර ඔහුගේ දියණියන් තිදෙනාගෙන් බාලයා මෙලෙස චිතකයට පැන ඇති බව සිදුවීම සම්බන්ධව පරික්ෂණ පවත්වන කොට්වාලි පොලිසිය විසින් ප්‍රකාශ කර තිබේ. 

No comments:

Post a Comment