Tuesday 4 May 2021

රට අතිශය භයානක අඩියක - කුඩා දරුවන් සිටින මවකට කොරෝනා වැළදුන හොත් ඇතිවන තත්වය


 යම් කෙනෙක් ඔබේ නිරෝගී කුඩා දරුවාව පැහැරගෙන ගොස් කොරෝනා රෝගීන් සිටින වාට්ටුවක් තුළට දමා අගුලු දැමුවහොත් ඔබට එය කොහොම දැනේවිද ?

මේක කියවනකොටත් ඔබේ හිත කලබල වෙන්න ඇති. ඔව් ඒක හිතන්න වත් අමාරු දෙයක්. හැබැයි දවසක ඔබටම ඔබේ නිරෝගී දරුවාව කොරෝනා රෝගීන් සිටින වාට්ටුවකට දාලා දොර වසන්න වෙන්න පුලුවන්. විහිලුවක් නෙවෙයි. මේ වෙනකොටත් මේ දේ කරපු අම්මලා තාත්තලා ගොඩ දෙනෙක් මට මුණගැහිලා තියෙනවා

දැනට තියෙන නීතිය අනුව කොරෝනා පරීක්ෂණය පොසිටිව් වෙලා කොරෝනා ලෙඩෙක් කියල දැනගත්තම අනිවාර්යෙන් ඉස්පිරිතාලෙකට යන්න වෙනවා. එතකොට මේ අම්මලාට ඉස්පිරිතාලෙ යන්න වෙන්නෙ තමන්ගෙ හය හතර නොතේරෙන පොඩි එකාවත් අරගෙන. ගොඩක් වෙලාවට ඒ වෙනකොට දරුවා නිරෝගියී.

පොඩ්ඩක් හිතන්න කිසිම ලෙඩක් නැති දරුවෙක් මාරාන්තික වෙන්න පුළුවන් බෝවෙන ලෙඩක් තියෙන ලෙඩ්ඩු ගොඩක් ඉන්න වාට්ටුවක් ඇතුලට දාලා වහද්දි ඒ අම්මට මොනව හිතෙනවා ඇද්ද ?

අනික තමන්ටම දරුවව එතනට අරගෙන යන්න වුණාම ?

ගොඩක් වෙලාවට අම්ම පොසිටිව් වෙනකොට තාත්තත් පොසිටිව්. දෙන්නට යන්න වෙන්නෙ ඉස්පිරිතාල දෙකකට. ගොඩක් වෙලාවට ඒ වෙනකොට දරුවට ලෙඩේ බෝ වෙලාද නැද්ද කියලා කවුරුවත් දන්නෙ නෑ. ඒ නිසා එහෙම නිරෝධායනය වෙන දරුවෙක් ව ළඟ තියාගන්න කෙනෙක් හොයාගන්න බෑ. ගොඩක් වෙලාවට දරුවට ලෙඩේ බෝ වෙන්නෙ ඉස්පිරිතාලෙදි. මොකද බබාල ඇඳන් අල්ලනවා. අත කටේ දානවා. එහෙම නැතත් වාට්ටු ඇතුළේ ලොකු වෛරස් ගොඩක් තියෙනවා.

සමහර වෙලාවට හරිම නරක දේවල් වෙනවා. හිතන්න පොසිටිව් අම්මා කෙනෙක් නෙගටිව් දරුවො දෙන්නෙක් අරගෙන ඉස්පිරිතාලෙ යනවා. අම්මා දවස් දහයක් ඉන්න ඕනෙ ඉස්පිරිතාලෙ.

දරුවො දෙන්න නෙගටිව් හින්දත් දවස් ගානක් කොරෝනා වාට්ටුවක ඉන්න හින්දත් අපිට එයාලාගේ පී සී ආර් පරීක්ශන කරන්න වෙනවා. ඔන්න අම්මා ඇවිත් හත්වෙනි දවසෙ විතර එක දරුවෙක් පොසිටිව් වෙනවා. දැන් ඒ දරුවා තව දවස් දහයක් ඉස්පිරිතාලෙ ඉන්න ඕන.

ආයෙත් අර අම්මා තව දවස් දහයක් ඉස්පිරිතාලෙ ඉන්නවා දරුවො දෙන්නත් එක්ක. ඒ අතරෙ අපි ඉතුරු දරුවව දිගටම පරීක්ෂා කරනවා. වෙන කරන්නම දෙයක් නැති නිසා.

ඒත් ඉතුරු දරුවා දිගටම නෙගටිව් වුණොත් අපි ඒ දරුවාව අම්මත් එක්ක ගෙදර යවනවා. මේ වෙනකොට ගෙදර නිරෝධායනය වෙවී හිටපු තාත්තා පොසිටිව් වෙලා ඉස්පිරිතාලේ. අම්මා ගෙදර ඇවිත් දවස් දහයකින් ඉතුරු දරුවා පොසිටිව් වෙනවා. දැන් එතකොට ආයෙත් ඉස්පිරිතාලෙ යන්න ඕනෙ. අම්මා ආයෙත් දරුවො දෙන්නම අරගෙන ඉස්පිරිතාලෙ යනවා දවස් දහයකට.

හිතන්න. අම්මෙකුයි දරුවෙකුයි වෙනම තියාගන්න තරම් පහසුකමක් තිබ්බ නම් මේ නිරෝගී දරුවන්ගෙන් ලෙඩේ හැදෙන කීප දෙනෙක් හරි බේරගන්න තිබ්බා. හැබැයි අපි ඒ තරම් වාසනාවන්ත නෑ. එහෙම රටක් හදාගන්න අපිට උවමනාවකුත් නෑ.


හැබැයි බේරෙන්න පුළුවන්.
-වෛද්
Nuwan Thotawaththa
ගේ ලියමනකි.

No comments:

Post a Comment