Saturday 1 May 2021

පොහොර නැව් 2ක් ආපසු යයි.. ගොවීන්ට කැඳත් නැතිවන ලකූණු !


චීනයේ සිට ලංකාවට පැමිණෙමින් තිබූ රසායනික පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් රැගත් නෞකා දෙකක් ආපසු හරවා යැවීමට ආණ්ඩුව කටයුතු කොට ඇත.

රසායනික පොහොර භාවිතයෙන් ගොවීන් ඉවත් කොට කාබනික පොහොර භාවිතයට හුරු කිරීමේ ජනාධිපතිවරයාගේ නව ප්‍රතිපත්තියට මග පෙන්වීම සඳහා මෙසේ චීන නැව් දෙක හරවා යැවීමට පියවර ගෙන  ඇත.

රසායනික පොහොර ආනයනය කිරීම සඳහා මින් ඉදිරියට ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවන ලෙසද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ  බැංකුවලට උපදෙස් දී ඇත.

දැනට ඇති පොහොර තොග ඉදිරි මාස 5කට  ප්‍රමාණවත්  බව රජය පැවසුවද   වර්තමාන යල කන්නය සඳහා දැනටමත් පොහොර හිඟයක් මතුව ඇති බව ගොවි සංවිධාන කියා සිටියි

ඇති හැකි උන් පොහොර තොග වශයෙන්  මිලදී ගෙන ගබඩා කරගැනීමට පෙලඹි ඇති බවත් පොහොර මිල දැනටමත් ඉහල ගොස් ඇති බව ගොවින් ප්‍රකාශ කරයි. 

පොහොර හිගය වී ගොවින්ට පමනක් නොව අපනයන  බෝග වලටද බලපානු ලබයි. 

ප්‍රධාන අපනයන බෝග වලින් ලබන ඩොලර් ආදායම සහ  පොහොර නැති වුවහොත් ඇති විය හැකි ප්‍රති විපාක පහත පරිදිය

තේ- ඩොලර් මිලියන 1346 

රබර් - ඩොලර් මිලියන 24

පොල් - ඩොලර් මිලියන 330 

අනෙක් සුළු අපනයන - ඩොලර් මිලියන 499 

මුළු ඩොලර් ආදායම  මිලියන 2199 ( රු කෝටි 40,000 ආසන්න මුදලකි )

 පොහොර ආනයනය සදහා වැය වන්නේ ඩොලර් මිලියන 400  ( රු  කෝටි 8000 ආසන්න මුදලකි ) 

වගාවන්ට පොහොර නැති වුව හොත් ලංකාවට රු කෝටි 10,000 පමන ආදායමක් අහිමි විය හැක. 

ගොවින්ට කැඳත් නැති විය හැක 




.

No comments:

Post a Comment