Monday 3 May 2021

කොරෝනා පොසීටිව්, රෝහලේ ඉඩ නෑ, රෝගියා බස් එකේ ගෙදර යයි


 කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනා ගත් කාන්තාවක්, රෝහලේ නේවාසික පහසුකම් නොමැති වීම නිසා මගී බස් රථවලින් අනාරක්ෂිත ලෙස සිය නිවසට ගොස් තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ අලව්ව ප්‍රදේශයෙනි.

පසුගිය 28 වැනිදා උණ හා සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයෙන් තත්වය උත්සන්න වූ කාන්තාවක්  සුවසැරිය ගිලන් රථයක් ආධාරයෙන් දඹදෙණිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත.

පරීක්ෂණ වලින් ඇයට කොරෝනා වැළදී ඇති බව තහවුරු වි ඇත .රෝහලේ ඉඩ නොමැති විම සහ ආසන්න වෙනත් රෝහලකට යැවීමට පහසුකම් නොමැති වීම නිසා කොරෝනා වැළදුන කාන්තාව රෝහලේ තබා ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත 

කෙසේ නමුත් ඇයට ප්‍රතිකාර ලබාදීමට එම රෝහලේ ඉඩකඩ නොමැති වීම හේතුවෙන් ඇයට නිවසට වී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අසරණ වූ කාන්තාව සිය නිවස බලා ගොස් ඇත . කාන්තාව දඹදෙණිය රෝහලේ සිට ගිරිඋල්ල දක්වාත් එතැන් පටන් මීරිගම විල්වත්ත දක්වාත්  පොදු බස් රථ වලින් ගොස් ඇත

ඉන් අනතුරුව විල්වත්තේ සිට යත්තල්ගොඩ දක්වා දුම්රියෙන් පැමිණ අලව්ව රත්තරන්හේන ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසට ගොස් ඇත


No comments:

Post a Comment