Thursday 6 May 2021

රතන හිමිට මන්ත‍්‍රීකම දෙන්න ඤානසාර හිමි කෝටි 03ක් අරන්.. වේදිනිගම හිමිගෙන් හඬ පටයක්.. රහස් පොලිසියට පැමිණිලි..

 


අපේ ජන බල පක්ෂයට ලැබුන මන්ත්‍රී ධුරය පූජ්‍ය අතුරලියේ රතන හිමිට ලබා දීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් ලක්ෂ 300 ක මුදලක් ලබා ගත් බවට එම පක්ෂයේ හිටපු ලේකම් වන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමි විසින් ප්‍රකාශයක් සිදුකරන හඬ පටයක් පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ත්‍රයිනිකායික භික්ෂූ එකමුතුව වෙනුවෙන් පුජ්‍ය පස්සරමුල්ලේ පඥ්ඥාජෝති හිමි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකර ඇත.

මන්ත්‍රීධූරයක් යනු මුදලට ලබා දිය නොහැකි ජනතා පරමාධිපත්‍ය නියෝජනය වන තනතුරක් බවත් මෙවැනි ප්‍රකාශ තුලින් එම බලය හෑල්ලුවට ලක්වනවා මෙන්ම එය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පෞද්ගලිකව සිදුකර ඇති අගතිදායක ක්‍රියාවක් බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මේ පිළිබඳව පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගෙන පරීක්ෂණයක් පවත්වා ජනතා පරමාධිපත්ති බලය ජනතාව ඉදිරියේ හෑල්ලු වීම වලක්වන ලෙස පැමිණිල්ල මගින් පඥ්ඥාජෝති හිමියෝ ඉල්ලා සිටිති.

No comments:

Post a Comment