Wednesday 5 May 2021

කොරෝනාව හුස්ම පොද සොරා ගත්තද ප්‍රේමයේ පරමාදර්ශයට පරාජය විය -කියවිය යුතුම රේණුගේ කථාව

 


බැඳීම් යනු විටෙක  දුකක් වුවද, තවත් විටෙක ජීවිතය ජිවත් කරවන සුන්දරම වු දෙයකි. 

බොහෝ දෙනෙක්ට තමන්ගේ සමිපතමයින් ඇස් පනාපිටම මිය යනවා බලාසිටින්නට සිදුව තිබේ. විශේෂයෙන්ම ජීවිත රැකගැනිමට කොරෝනා හා සටන්කිරිමට අප සියල්ලන්ටම සිදුව තිබේ.

පසුගියදා ඉන්දියානු මාධ්‍ය විසින් ප්‍රධන සිරස්තල යටතේ පළකරන ලද පුවතක් ලෝකයේ බොහෝ දෙනෙකුගේ සිත් කම්පා කළේය.

 අප්‍රියෙල් 24 වෙනිදා අග්‍රා, අවාස් විකාස්හි අංශ 7හි පදිංචි රේණු සිංගාල් නැමති කාන්තාව ඇගේ සැමියා වන රවී සිංගාල් (47) රැගෙන රෝහල් කිහිපයකට ගියේ තම ස්වාමියාගෙ ජීවිතය රැකගන්නටය.

කිසිදු රෝහලකින් ගිලන් රථයක් පවා සොයා ගැනිමට ඇයට හැකියාවක් ලැබුණේ නැත. 

මේ නිසා ඇය තනියම ත්‍රිරෝද රථයක් රැගෙන ඉඩක් ඇති රෝහලක් සොයා ගියාය .

මේ ජීවිතයේ මා සමග දුකසැප බෙදාගත් මගේ ස්වාමියා කෙසේ නමි බේරාගන්නද කියා ඇය දහස් වරක් සිතන්නට ඇත.  කිසිම පැකිලිමකින් තොරව ඇය කටින් කටට තබා හුස්ම ලබාදිමට උත්සාහ කළාය. 

ජීවිතය අයදින ස්වාමියාගේ සිරුර රැගෙන රෝහල්  ගණනාවකට ගියාය. ඇයව රෝහලෙන් ප්‍රතික්ෂේප කළේ ඔක්සිජන් සහ රෝහල් පහසුකම් ලබාදීමට නොහැකි තත්වයක් හේතුවෙනි. 

ඊළග මොහොතේ සැමියාගේ සිරුරේ සිටි කොරෝනා මාරයා තමන් වැළදගන්නා බව දැන දැනම ඇය කටින් හුස්ම දී උත්සාහය අතනොහැරියාය. අවසානයේදි පවා හුස්ම බිඳක් ලබාදිමට ඇය උත්සහ කළාය. 

ඇගේ උකුල මත ඔහු අවසන් හුස්ම හෙලුවේ ඇයද නොසිතු ලෙසය.එහෙත් ඇය අවසන් හුස්ම දක්වාම ඔහුව තනි නොකළාය. 

තම ස්වාමියා වෙනුවෙන් තමන්ගේ ජීවිත අවදානම ගැන පවා ඇය නොසිතුවාය.සැමියෙක් යනු බිරිදකගේ දෙවියෙක් වැනිය. ඇය තම සැමියාව සැපෙහිදි මෙන්ම දුකේදීද ජීවිතය පරදුවට තබා ආරක්ෂා කිරීමට උත්සාහ කළාය. ඒ සැබෑම ආදරයේ අරුතයි. කොරෝනාව රවී සිංගාල්ගේ  හුස්ම පොද සොරා ගත්තද  ප්‍රේමයේ පරමාදර්ශයට පරාජය විය



No comments:

Post a Comment