Sunday 25 April 2021

පාස්කු ප්‍රහාරයේ සහ විමර්ශන වල සැක තැන් පිලිබදව පාර්ලීමේන්තුවේදී අසන ලද ප්‍රශ්න


 හරින් ප්‍රනාන්දු ,මනූෂ නානායක්කාර පාස්කු ප්‍රහාරය සහ විමර්ශන වල සැක කටයුතු තැන් පිලිබදව පාර්ලීමේන්තුවේදී අසන ලද ප්‍රශ්න  පහත පරිදිය .


1.  පාස්කු ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස ආණ්ඩුව තෝරාගෙන තිබෙන නවුෆර් මවුලවිගෙන් සාක්ෂි ලබාගැනීම සදහා පාස්කු කොමිසම හමුවට කැදවූයේ නැත්තේ ඇයි? පාස්කු කොමිසමේදී ඔහු මහ මොළකරු ලෙස හදුනාගැනීමට නොහැකිවුනේ ඇයි?

2.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර විසින් කළ පරීක්ෂණ අනුව අයි.පී. ලිපිනයක් හරහා ගොස් අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියාගෙන් කටඋත්තරයක් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේදී හමුදා බුද්ධි අංශ පැමිණ ‘‘මෙය අපේ ව්‍යාපෘතියක්’’ යැයි පවසමින් එම බුද්ධි අංශ නිලධාරියා රැුගෙන ගියේ ඇයි?

3.  මේ වන විට අපරාධ පරීක්ෂණ ෙදාපාර්තමේන්තුවට පත් කළ අධ්‍යක්ෂවරු හතර දෙනෙක්ම මාරු කර තිබෙන්නේ ඇයි? මේ ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ ජයසිංහ,තිසේරා, ලොකුහෙට්ටි, කළණසිරි, රංජිත් වෙදසිංහ, සහකාර පොලිස් අධිකාරීවරුන් වන නුවන් අසංක, කාන්තා පොලිස් පරීක්ෂකවරුන් වන දර්ශිකා කුමාරි, හෙල්ලඋඩගේ, හේවාපතිරණ, දීපානි මැනිකේ, පොලිස් පරීක්ෂකවරුන් වන කීර්තිසිංහ, ඇල්ලෙපොල සහ විජේතුංග යන නිලධාරින් මාරු කර යැව්වේ ඇයි?

4 මාතලේ පොඩි සහරාන් නමින් අත්අඩංගුවට ගත් පුද්ගලයා හමුවීමට ගිය සොනික් සොනික් නමින් හැදින්වෙන නම භාවිතා කළ බුද්ධි අංශ නිලධාරියා කවුද?

5 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණ කටයුතු ගැන නීතිපතිවරයා සමග සාකච්ඡුා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහාභාගීවිය යුතුව තිබියදී එයට හමුදා බුද්ධි අංශ නිලධාරියෙක් සහභාගී වන්නේ ඇයි? එසේ සහභාගී වන හමුදා බුද්ධි අංශ නිලධාරියා කවුද?

6 ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවාගැනීමට උත්සාහ ගත්, එම උත්සාහය අසාර්ථක වූ පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේදී බෝම්බය පුපුරවාගත් පුද්ගලයාගේ නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ ත‍්‍රස්ත විමර්ශණ එ්කකයේ නිලධාරීන් කවුද? එ් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා තිබෙනවාද?

7 ප‍්‍රහාරකයෙක්ගේ බිරිද වන සාරා නැමති කාන්තාව මිය ගිය බවට සාක්ෂි නොමැතිව තිබියදී සහ ඇය ජීවතුන් අතර ඉන්නා බවත් ඉන්දියාවට ගොස් ඇති බවත් අර්ජුන් හීන්කෙන්ද නැමති නිලධාරියා අනාවරණය කර තිබියදී සාරා මිය ගිය බව පවසමින් ඇය ගැන තොරතුරු වසන් කිරිමට සරත් වීරසේකර ඇමැතිවරයා උත්සාහ ගන්නේ ඇයි?

8 සාරාට විදේශගතවීමට උපකාර කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබියදීත් එ් ගැන පරීක්ෂණ නොකරන්නේ ඇයි?

9 අපේ‍්‍රල් මස මැදදී සහරාන්ගේ ගිණුමට රුපියල් ලක්ෂ හාරසියයක් ලැබෙන්නේ කාගෙන්ද?

10 පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අපේ‍්‍රල් 4 වැනිදා ලැබුණ තොරතුර ලබාගත් නිලධාරියා කවුද? එසේ තොරතුරු තිබියදී එ් ගැන වැඩිදුර විමසීමට එය හඹා නොගියේ ඇයි?

11 ප‍්‍රහාරයකයින් ත‍්‍රිමා නැමති දුරකතන ඇප් එක හරහා කතා කරන විට ප‍්‍රහාරය ප‍්‍රමාදවීම පිළිබද බොස් සිටින්නේ අසතුටින් බව පවසා තිබෙන බව හෙළිදරව් නොකරන්නේ ඇයි? මේ අසතුටින් සිටින බොස් කවුරුන්ද?

12 රජයේ මෙහෙයවීමට බාහිරව කටයුතු කරන බුද්ධි අංශ නිලධාරීන් කවුරුන්ද?

No comments:

Post a Comment