Sunday 18 April 2021

පැණි නිසා එන්නත් උනන්දුව අඩුවුනා,සාදික්කා අඹරන යන්ත්‍රයේ පිරිවැය විමල්ගෙන් අයකර ගත යුතුයි – බැසිල් කියයි

 


වහාම ක්‍රියාතමක වන පරිදි එන්නත්කරණයට සමගාමීව ප්‍රචාරණ මෙහෙයුමක් දියත් කළ යුතු බව පක්ෂයේ ක්‍රියාකාරීන්ට බැසිල් රාජපක්ෂ පෙන්වා දී ඇත. පෙරේදා (26) පැවැති ‍රැස්වීමකදී ඔහු මේ බව ප්‍රකාශ කොට ඇත. බිම්මට්ටමේ නියෝජිතයන් කොරෝනා එන්නත් කරන ස්ථාන සමග සම්බන්ධ විය යුතු බව බැසිල් අවධාරණය කොට ඇත.

රජයට සම්බන්ධ ආයතන සහ පුද්ගලයන් විසින් ධම්මික බන්ඩාර පැණිය ප්‍රමෝට් කිරීම වරදක් බවද බැසිල් පෙන්වා දී ඇත. පැණිය ප්‍රමෝට් නොකළේ නම් කොරෝනා එන්නතට මීට වැඩි ඉල්ලූමක් ඇතිවන බව බැසිල් පෙන්වා දී ඇත.

මේසෙන් බාස් පැණිය ප්‍රමෝට් කළ දේශපාලකයන් අතර විමල් වීරවංශ සහ නලින් සිල්වා කල්ලියේ චන්න ජයසුමන ප්‍රධානය. පැණි ධම්මිකට මහජන මුදලින් ලක්ෂ 60 පමන වටිනා සාදික්කා අඹරණ මැෂිමක්ද දුන් පදනම කුමක්ද කියා එහිදී බැසිල් විමසා ඇත.

මේසෙන් බාස් පැණිය මෙ දක්වා කිසිදු සායනික පරික්ෂාවකින් සමත් වී නැති බවත් මහජන මුදලින් ලබා දුන් යන්ත්‍රයේ පිරිවැය අදාල දේශපාලනඥයාගෙන් අය කළ ගත යුතු බව බැසිල් ප්‍රකාශ කොට ඇත.

No comments:

Post a Comment