
ලාංකීය දේශපාලනයේ ඉතාම කෙටි කාලයක් තුල අසාර්ථක වූ රාජ්‍ය නායකයා සහ විපක්ෂ නායකයා සජිත් සහ ගෝඨාය. හිරු රශ්මියට නිරාවරණය වූ වෙඩරු පිඩක් මෙන් ඔවුන්ගේ ජනප්‍රියත්වය ක්ෂය වී ගියේය.
ධූරයට පත්වී වසරක් ගතවන විට සිය පක්ෂයද සජිත්ට අහිමි විය. මේ වන විට සජිත් අහසේ පාවෙන දේශපාලන සත්වයෙකි. සජිත්ගේ පිලෙන් විශාල පලුවක් ඕනෑම මොහොතක ගැලවී යා හැක.
රාජපක්ෂ ෆැසිස්ට් පාලනය සමග උරෙන් උර ගැටී සටන් කිරීමට තරම් සජිත්ගේ ඩයිනමෝව ශක්තිමත් නැති බව ඔප්පු වී ඇත.සජිත්ගේ පිළේ මන්ත්‍රීවරු පමනක් නොව මහ ජනතාවද සජිත් ප්‍රතික්ෂේප කරමින් සිටියි.
ජනතාව සජිත් නොවන විකල්ප නායකයන් , විකල්ප බලවේග සොයමින් සිටියි. ඊට හොදම සාක්ෂිය මුහුණු පොතය. සජිත් ප්‍රේමදාසගේ මුහුණු පොතේ විවුස් ඉතා සීග්‍රයෙන් අඩු වෙමින් පවතියි. චම්පිකගේ මුහුණු පොත සීග්‍රයෙන් ජනප්‍රිය වී ඇත.
මේ වන විට පක්ෂයක් නොමැතිව අහසේ පාවෙන සජිත් අතහැර දමා පුළුල් දේශපාලන සංධානයක් ගොඩ නැගීම යටිබිම්ගතව සිදුවන බව අපට වාර්තා විය. මහා සංඝරත්නය , විද්වත් වෘත්තිකයන්, මංගල , රවි ,අර්ජුන,කරු, රාජිත වැනි ජේෂ්ඨ දේශපාලකයන්ගේ මූලිකත්වයෙන් එම පුළුල් සංධානය ගොඩ නැගීමට නියමිතය.
ඉහත ඡායා රූපයේ දැක්වෙන්නේ චම්පික සහ සජිත් අයවැය විවාදය අතර තුර කළ කථාවට ජනයා ප්‍රතිචාර දැක්වූ අන්දමය, සජිත් අනාථ වී ඇති බව බත් කන ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය
No comments:
Post a Comment