Sunday, 18 April 2021

මාළු අහිමි වුවද බිලී පිත්ත අහිමි කරන්න එපා

 

පසුගිය වසර පුරා කඩින් කඩ පාසැල් වැසීම අධ්‍යාපනයට ඇති කළ බල පෑම සුළු ප‍ටු නොවේ. පාසැල් වසා දැමූ කාලය තුල අන්තර් ජාලය ඔස්සේ අධ්‍යනය කරයුතු ගෙන යාමට ගුරුවරු උත්සුක වූහ.

ලංකාවේ පාසැල් වල මිලියන 4 කට ආසන්න සිසුන් අධ්‍යාපනය ලබයි, ඔවුන්ගෙන් 66% කට අන්තර් ජල පහසුකම් නැත. එනම් ලක්ෂ 27ක් වන පාසැල් සිසුන්ට මුළු මනින්ම හෝ අර්ධ වශයෙන් අධ්‍යාපනය අහිමි වී ඇත. ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් සහ 3G සිග්නල් තිබූ පමනින් ඔන් ලයින් අධ්‍යාපනයේ යෙදිය නොහැක . ඩේටා කාඩ් දැමීමට නිවසේ මුදල් තිබිය යුතුය.කරුණු එසේ හෙයින් අධ්‍යාපනය අහිමි වී ඇති දරුවන් පිරිස ලක්ෂ 27ට බෙහෙවින් වැඩි බව පැහැදිලිය.

අධ්‍යාපනය යනු රටක අනාගත දිශාදර්ශකයයි. රටේ අනාගතය හැඩ ගැසෙන්නේ එම ක්‍රමයෙන් බිහිවන දරුවන් අනුවය. මේවන වන විට ලංකාව යනු දරුවන්ගෙන් මිලියන තුනක පමන ප්‍රමාණයකට අධ්‍යාපනය අහිමි කොට මිලියනයක පමන ප්‍රමාණයක් යහමින් අධ්‍යාපනය ලබන රටකි. අධ්‍යාපනය අහිමි වූ එකී දරුවන් සමාජයට පැමිණි දිනක සමස්ථ ක්‍රමයට වෛර කරනු ඇත. මෙම තත්වය විශාල අනතුරකි. දුප්පත් දරුවන්ට අධ්‍යාපනය අහිමි වීම එම දෙමාපියන්ට මහත් වේදනාවකි.

මෙවැනි ඛේදවාචකයක් හමුවේ රටේ අධ්‍යාපන ඇමති සහ විපක්ෂ නායකයා නිහඬ ප්‍රේක්ෂකයන් ලෙස සිටීම ඊටත් වඩා ඛේදවාචකයකි. අනාගතය භාරගැනීමට දරුවන්ගේ අනාගතය අඳුරු කිරීම තරම් අපරාධයක් ලොව තවත් නැත.

අධ්‍යාපනයේ ඛේදවාචකයට මූලික හේතුව රටේ දුප්පත්කමට වඩා ආණ්ඩුවේ සහ විපක්ෂයේ නොහැකියාවය. මෙවන විට ලෝකයේ දුප්පත් රටවල් ගණනාවක් එක්සත් ජාතීන්ගේ ලමා අරමුදල සමග සම්බන්ධ වී ඔන්ලයින් අධ්‍යාපන පහසුමක් වැඩි දියුණු කොට ඇත. ජාත්‍යන්තරය සමග නිසි සම්බන්ධතාවයක් නැති රාජ්‍ය නායකයෙකු සහ විපක්ෂ නායකයෙකු සිටින රටකක්ට මෙවන් ඉරණමක් අත්වීම පුදුමයක් නොවේ.පාසැල් දරුවන් එම ඛේදවාචකයේ වින්දියන් වීම සංවේදී තත්වයකි

ලංකාවේ පැවැති වැඩ වසම් ක්‍රමය, දුප්පත් පොහොසත් භේදය පි‍ටුදැකීමට නිසි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළ සහ එහි පුරෝගාමිය සී.ඩබ් කන්නන්ගරයන්ය. ඔහු බිහිකල නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් දුප්පත් දරුවන් ලක්ෂ ගණනක් ලෝකය ජය ගත්හ. එය ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය.

ඉන්පසු යලි එවන් සේවාවක් කළේ මාගේ දේශපාලන ගුරුවරයා වූ ලලිත් ඇතුලත්මුදලිය . ඔහු බිහි කළ මහපොළ ශිෂ්‍යවත්ව ක්‍රමයෙන් ලක්ෂ ගණනක් ලෝකය ජය ගත්හ. මා මුදල් ඇමතිව සිටියදී මහපොළ ශිෂ්‍යවත්වය රු 5000 දක්වා වැඩි කිරීමට හැකි විය. සැම පාසැල් දරුවෙකුටම ටැබ් එකක් දීමට මුදල් වෙන් කිරීමට හැකි විය. අද අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ඛේදවාචය හමුවේ තව දුරටත් නිහඩ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටිනවාද යන්න හදවතට තට්‍ටු කොට සෑම පුරවැසියෙකුම විමසිය යුතුය

යම් රටක ආණ්ඩුව අලියෙකුට සමාන කරයි නම් විපක්ෂය හෙන්ඩුවට සමාන වෙයි. යන මග වැරදිනම් අලියාට බැන අඬ ගැසීමෙන් පලක් නැත. හෙන්ඩුව භාවිතාකොට අලියා යන මග නිවරදි කළ යුතුය. මක්නිසාදයත් එක් වරම අලියා මාරු කිරීම පහසු නැත. අලියා යන මග නිවරදි කිරීමට හෙන්ඩුව අතැතිව සිටින ඇත් ගොව්වා අසමත් වී ඇත. එසේනම් පලමු කොට හෙණ්ඩුව භාවිතා කිරීමට නොදන්නා ඇත්ගොව්වා මාරු කල යුතුය.

පස්සලේ ඝාන්ඨාරය ගැසූ විට කළ යුත්තේ එය නාද කළ කෙනා විමසීම නොව ගැසූ කාරණය විමසීමය. කරුනු එසේ හෙයින් රටේ පවතින ඛේදවාචකය වටහා ගන්නා ලෙස සමස්ථ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමි.

රවි කරුණානායක

No comments:

Post a Comment