Sunday 18 April 2021

ගෝඨා පත්කළ වැඩ බැරි ජිනීවා නිත්‍ය නියෝජිතයා

 


ජිනීවා නුවරදි මෙම මස අවසානයේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල රැස්වීමේදී ලංකාව කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (09) දින විශේෂ සාකච්ජාවක් කැඳවා ඇත.

අගමැති මහින්දගේ නියෝජිතයන් කිහිප දෙනෙක්, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුලු ආණ්ඩුවේ ඉහළ පෙළ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ද මෙම සාකච්ජාවට කැදවා ඇත.

මානව හිමිකම් සැසිවාරය ආරම්භ කිරීම ප්‍රථම ලංකාවේ සිදුවූයේ යැයි කියන යුද අපරාධ සිදුවීම් ඇතුළත් කෙටි වීඩියෝවක් UNHRC පසුගිය සතියේ මාධ්‍යයට නිකුත් කලේය .මානව හිමිකම් සැසිය ආරම්භ වීමටත් ප්‍රථම එවැන්නක් සිදුවූ පලමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.

මෙවැනි අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වල නියෝජිතයන්ට සත්‍ය කරුණු වටහා දීම සම්බන්ධයෙන් එහි සිටින නිත්‍ය නියෝජිතයාට විශාල වගකීමක් පැවරෙයි.සාමාජික රටවල්වල නියෝජිතයන් හමුවී ඔවුන් සමග කථා කරන ලෙස සී .චන්ද්‍රප්‍රේම දැනුම් දී තිබුනද මේ වන තෙක් කිසිවක් කිරීමට ඔහු අපොහොසත් වී ඇත.

අඩුම තරමින් විදේශ රටක නියොජිතයෙකු හමු වී කථා බස් කිරීමට වේලාවක් ලබා ගැනීමට වත් ඔහු සමත් වී නැත.අඩුම තරමින් වීඩියෝ කෝල් එකකින් වත් විදේශ නියෝජිතයෙකු හා සම්බන්ධ වීමට සී චන්ද්‍රප්‍රෙම අපොහොසත් වී ඇත.

ගෝඨා විසින් ජිනීවාහි නිත්‍ය නියෝජිතයා ලෙස පත් කොට ඇති සී.ඒ. චන්ද්‍රප්‍රේමට ඉවත් කොට සුදුසු නියෝජිතයෙක් පත් කරන ලෙස මහින්ද රාජපක්ෂ යෝජනා කොට ඇත. සී.ඒ චද්‍රප්‍රේම මුළුමනින්ම ගෝඨාගේ පත් කිරීමකි.ගෝටා පුම්බන පොත් ලිවූයේ මොහුය . කමල් ගුණරත්නගේ නමින් පලවූ පොත් ලියා ඇත්තේ චන්ද්‍රප්‍රේම බවට සැකයක් ඇත.

No comments:

Post a Comment