Sunday 18 April 2021

බෝම්බ ඊබ්‍රහීම්ගේ පර්ශවයෙන් කෙස් කෙලින් කරන හෙළිදරව්වක්

 


බෝමබ ඊබ්‍රහීම්ගේ පුත්‍රයා වන ඉජාස් අහ්මඩ් බන්ධනාගාර ජේලර් කෙනෙකුට අල්ලස් දීමට උත්සාහ කළේ යැයි කියන පුවත අසත්‍යක් බව එම පවුලට සමීප අයෙක් අප සමග පැවසුවේය.

බෝමබ ඊබ්‍රහීම්ගේ පුත්‍රයා වන ඉජාස් අහ්මඩ් අල්ලස් දීමට උත්සාහ කොට ඇති බවත් ඒ පිළිබදව ජේලර් වරයෙකුගේ වැඩ තහනම් කළ බව හෙළිකළේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක විසිනි.

ඉජාස් අහ්මඩ් කිසිදු අවස්ථාවක් අල්ලස් දීමට උත්සාහ කොට නැති නමුත් බන්ධනාගාර නිළධාරීන් කූට ලෙස ඊබ්‍රහීම් පවුලෙන් මුදල් කඩා වඩා ගැනීමට උත්සාහ කරන බව පවුලේ සමීපතමයා අප සමග පැවසුවේය.

බන්ධනාගාර නිලධාරීන් කන්ජිපානි ඉම්රාන්ගෙන් කෝටි ගණන් මුදල් ලබා ගත් බව ප්‍රකට කරුනකි. මීගමුව බන්ධනාගාර අධ්‍යක්ෂක අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කොට ඇත්තේ අල්ල්ස් ගැනීම නිසාය.

ගෝඨාණ්ඩුව මාකදුරේ මදූෂ්ගේ සකල සබ්බුද්ධයටම සුද්දයදී අවසානයේ ඔහුවද ඝාතනය කළේය. මදුෂ්ගේ දේපල වලින් සතයක්වත් මහා භාණ්ඩාගරයට ගියේ නැත. ඒවා ගියේ දේශපාලකයන්ගේ සහ දුෂිත නිළධාරින්ගේ සාක්කු වලටය

කරුණු එසේ හෙයින් ඊබ්‍රහීම් පවුලෙන් කෝටි 10 ක් ඉල්ලා සිටි බන්ධනාගාර නිලධාරීන් ගැන වහා පරීක්ෂණ ආරම්භ කළ යුතුය.නමුත් ගෝඨාණ්ඩුවෙන් එවැන්නක් අපේක්ෂා කළ නොහැක . මක්නිසාදයත් පාස්කු ප්‍රහාරය විකුණා බලයට පැමිණි ගෝඨාණ්ඩුව මේ වන විට ජනතාවගේ බලවත් පිලිකුලට පත්ව ඇති අතර ඉන් මිදීමට කූට ප්‍රයෝග යොදමින් සිටියි.

පාස්කු ප්‍රහාරය ගෝඨාණ්ඩුවට දැන් පාරාවලල්ලක් වී ඇත. පාස්කු ප්‍රහාරය පි‍ටුපස ගෝඨා සිටින්නේද යන සැකය දැන් බොහෝ දෙනෙක් තුල මතුව ඇත. එම නිසා පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ ඉතා විශිෂ්ඨ ලෙස සිදුවන පෙන්වීමට රජය දිවා රෑ වෙහෙසෙයි.

රාජපක්ෂ පවුලේ අතිජාති ගොට්ටෙක් වන ලංකාදීප කතෘ සිරි රණසිංහ, ගෝඨාණ්ඩුව පාස්කු ප්‍රහාරය පිලිබදව ඉතා විශිෂ්ඨ ලෙස විමර්ෂණ කටයුතු සිදුකරන බව පෙන්නුම් කරන ලිපි මාලාවක් ලියමින් සිටියි

ගෝඨාණ්ඩුවට ගැති මාධ්‍ය සාරා නොහොත් පුලස්තිනි රාජේන්ද්‍රන් ලංකාවේ සිටින බවට අතේ රෝලක් ද ලියා තිබුණි. නමුත් ඇය බුද්ධි අංශ වල අනුග්‍රහයෙන් ඉන්දියාවට පැන ගොස් ඇති බව සාක්ෂි වලින් තහවුරු විය

No comments:

Post a Comment