Sunday 18 April 2021

පූඩළුඔය වැනසීමට ගිය කරන්නාගොඩ ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ පසුබසී

 


පෙරේදා එනම් 18 වනදා පුඩළුඔය හරස් කරමින් පෞද්ගලික ජල විදුලි බලාගාරයක් ඉදි කිරිම සදහා පැමිණි හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ප්‍රදේශ වාසීන් දැඩි විරෝධයක් එල්ල කොට ඇත.

එහි වඩාත්ම ඛේදජනක කොටස වන්නේ පරිසර අධිකාරියේ පිරිස් බලාගාරයට පක්ෂව කථා කොට ඇති අතර එහිදී පූන්ඩළු ඔය විහාරාධිපති සහ ප්‍රදේශවාසින් පරිසර අධිකාරී නිළධාරීන්ට දැඩි විරෝධායක් එල්ල කොට ඇත

පුඩළුඔය ප්‍රදේශයේ ඇද හැලෙන දිය ඇලි නැරඹිමට දේශිය සහ විදේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණි බවත් එය එක් පුද්ගලයෙකුට විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව ප්‍රදේශ වාසීන් පැවසූහ.

තවද පුඩළුඔයේ ජලය, ප්‍රදේශවාසින් ගොවිතැනට සහ දෛනික අවශ්‍යතාවලට යොදා ගන්නා අතර ඊට විකල්ප නොමැත.

No comments:

Post a Comment