ආණ්ඩුවේ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව යයි කියමින් සජිත් ප්‍රේමදාසගේ අදහසක් අනුව සංවිධානය කරන ලද “නිහඩ විරෝධතාව” ඊයේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දී පැවැත්විනි.
”ලබ්බේ තොවිල” මෙන් සජිත් පවත්වන වැඩසටහන් පිළිබදව කාලයක සිට පක්ෂයේ මත ගැටුමක් වූ අතර ඊයේ දිනයේ පැවැත්වූ ‘නිහඬ විරෝධතාව’ සමග එය ගැටුමක් දක්වා වර්ධය වී ඇත.
මහපොළවේ දේශපාලනය සම්බන්දව සජිත් රනිල්ටත් වඩා දුර්වල ස්ථානයක් සිටින බවට මතයක් මේ වන පක්ෂ ක්‍රියාකාරීන් තුලට කිඳා බැස ඇත.
ගෝත්‍රික නීති , මිතය්‍යා දෘෂ්ඨික සප්‍රයෝග හරහා ෆැසිස්ට් පාලනයක් ගෙන යන රාජපක්ෂ සමාගමට එරෙහිව තරු 5හේ ප්රජාතන්තවාදී බටහිර රටක ස්වරූපයෙන් වැඩ කළ නොහැකි බව බොහෝ දෙනෙකුගේ මතය වී ඇත,
එපමනක් නොව දැනට පවතින දැවෙන ප්‍රශ්න අමතක කරමින් එදා වේල පිරිමැසීමට කුමක් හෝ කිරීම පිළිබදව දැඩි විරෝධයක් මතුව ඇත.
සජිත් අමතක කළ දැවෙන ප්‍රශ්න කිහිපයක්
- ශානි අබේසේකර අසාධාරණ ලෙස අත්ඩංගුවට ගැනීම සහ ඔහුට ඇප පවා ලබානොදෙමින් පලි ගැනීම. මේ සම්බන්ධයෙන් අඛණ්ඩ විරෝධයක් දැක්වීමට සජිත් අසමත් වී ඇත.
2. 89-92 ප්‍රේමදාස භීෂණයට එරෙහි ප්‍රධාන චරිතය වූයේ මහින්ද රාජපක්ෂය. ඔහුගේ විරෝධතාව කේද්රගත වූයේ ජාත්‍යන්තර ප්‍රජාව මූලික කොට ගෙනය. මහර වෙඩි තැබීමට පිලිබදව රාජපක්ෂලා කරන පරීක්ෂණ හොරාගේ අමාගෙන් පේන ඇසීමකි. නමුත් ජාතයන්තර පරීක්ෂණයක් යන වචනය පැවසීමටවත් සජිත් බිය විය.
3. සජිත් විරෝධතා පවත්වන්නේ ගණුදෙනු කරන්නේ අගතියටපත්වූ පාර්ශව සමග නොව ඔහුගේ අනුගාමිකයන් වූ වරප්‍රසාද ලත් පිරිසක් සමගය.මෙවැනි උද්ඝෝෂණ පවත්වනවාට රාජපප්ෂලා කැමතිය . ඔවුන් ඒවා මර්ධනය කරන්නේ නැත. එවැනි විරෝධතාවක් යහමින් පැවැත්වීම තුලින් විද්‍යාමාන වන්නේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය ‘නැත’ යන්න නොව ප්රජාතන්ත්රවාදය පවතින බවය. එනම් මෙවැනි විරෝධතා පැවැත්වීමෙහි වාසිය යන්නේ ගෝඨාණ්ඩුවටය.
4. මෝටර්සයිකල් කර්මාන්තයේ නියුතු ලක්ෂ ගනනක් මේ වන විට අනාථ වී ඇති අතර ඔවුන් පිලිබද කිසිදු නිනව්වක් නැත.
5. මැද පෙරරදිග අනාථ කළ ශ්‍රමීකයන් සහ ඔවුන් ගෙන් කලාවූ ගසා කෑම පිළිබද හින් කෙඳිරියක්වත් සජිත්ගෙන් නොමැත.
6. වියත් මග , AI . තක්ෂනික හබ් ගැන කියමින් බලයට ආ ගෝඨා මේ වන විට මිත්‍යාව සමග නිදි වැදී සිටියද ඒ ගැන සජිත් මුනිවත රකිමින් සිටියි
7. ලංකාවේ ජනගහනයෙන් 1/3 පමන ජීවත් වන්නේ කෘෂි කර්මාන්තයෙනි. ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න ගැන කිසිදු තැකීමක් නැත
කරුණු එසේ හෙයින් සජිත් දැවෙන ප්‍රශ්න නොදැක්කා සේ සිටිමින් එදා වේල දේශපාලනයේ නියලීම පිළිබදව මේ වන විට බොහෝ දෙනෙකු විරෝධය පාමින් සිටියි.
No comments:
Post a Comment