Sunday 18 April 2021

ධීවරයන් 12ක් මාස ගණනක් අත්අඩංගුවේ, තානාපති නිඳි , මේ පිංබතා වහා එළවා දමනු !


ජනවාරි මාසයේ ත්‍රිකුනාමලය වරායෙන් පිටත් වූ ධීවර යාත්‍රා දෙකක් මියන්මාර් ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇත. සිය යාත්‍රා දියවැලකට හසුව මියන්මාරය දෙසට ගසාගෙන යන බව මොවුන් පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින් ගොඩබිමට සහ අනෙක් යාත්‍රා වෙත දැනුම් දී ඇත .

මෙම ඉරණමට මුහුන පෑවේ 2021 ජනවාරි මස 21 දින සාගර කුමාර බහුදින යාත්‍රාවෙන් මසුන් මැරීම සදහා පිටත් වූ ධීවරයන් 7 දෙනෙකු සහ ජනවාරි 27 දින මයෝමි නම් යාත්‍රාවෙන් මසුන් මැරීම සදහා ගිය ධීවරයන් 5 දෙනෙකුය.

මියන්මාරයේ තානාපති ලෙස කටයුතු කරන්නේ පිස්සු ආචාරියා ලෙස හදුන්වන නලින් සිල්වාය. ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන මාස 2කට ආසන්න වුවද ඔවුන් මුදා ගැනීමට කිසිවක් කීරීමට නලින් සිල්වා අපොහොසත් වී ඇත

අඩුම තරමින් ධීවරයන් අත්අඩගුවට ගෙන ඇත්තේ කුමන චෝදනාවටද කියා වත් ඔහු දන්නේ නැත . වෙන එකක තියා අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික ධීවරයන්ගේ නම් ගම් වත් ඔහු සතුව නැත.

No comments:

Post a Comment