Sunday 18 April 2021

අයියට වයිට්, මල්ලිට ඥානක්කා, දිස්ත්‍රික්ක 25ට කල ගෙඩි 25යි, කලගෙඩි පූජාව දිගටම




ඊයේ (14) ගෝඨා සර්ගේ මූලිකත්වයෙන් සකල ශ්‍රී ලාංකික ජනයාට සෙත් පතා මිරිසවැටිය චෛත්‍ය අභියෙස කලගෙඩි පූජාවක් සහ සෙත් පිරිත් සජ්ඡායනාවක් පැවැත්වුණි. මහා වසංගතයක් අභියෙස පාලකයා ලෙස කළ යුතු වැඩ රාශියක් තිබියදී කලගෙඩි පූජා වලට කාලය යෙදවීම ඵලදායී නොවන්නේ යයි කෙනෙකුට තර්ක කල හැක. නමුත් මෙම ලිපිය අරමුන එවැනි භෞතික විග්‍රහයක් කිරීම නොවේ . ගෝඨා සර් විසින් කල ගෙඩි පූජා වැනි වෘත පූරණය කිරීමෙහි හරි වැ‍රැද්ද තතාගත දේශනාව අනුව විමසා බැලීමය.

”නහි සීල වතං හෝතු උප්පජ්ජාය තථාගතා…” තතාගතයන් පැහැදිලිවම කියුවා, මම ආවේ උඹලව සීලයක හෝ වතක පිහි‍ටුවන්ඩ නෙවේ නමුත් විමුක්තියේ මාර්ගය පෙන්වන්ඩ කියල. උන් වහන්සේ පද තුනකින් ලෝක යථාර්තය දේශනා කළා.නිඝන්ඨ නාථ පුත්ත මෙන් සිල් වෘත ‍රකින්ඩ එපා කියුවා. සිල් වෘත ‍රැකීම වෙනුවට ආර්ය මාර්ගයේ යන්න කීවා. කියන්න කනගා‍ටුයි ”ගෝඨා සර්”, කල ගෙඩි පූජා ආර්ය මාර්ගයේ කොටස් නොවේ. එපමනක් නොවේ රතන සූත්‍රය,මහා මංගල සූත්‍රය ඇතුලු අසූකෙලක් ධර්මය දේශනා කලේ, කලගෙඩි පූජා තියෙන්ඩ, පිරිත් කරලා පැන් බොන්ඩ නොවේ නමුත් නිවන මූලික කොට ගෙනයි .


රතන සූත්‍රයේ ගාථාවක් තියෙනව ”යථින්ද ඛීලො …” කියලා, ඒකෙ තේරුම , ඉන්ද්‍රඛීලය සිවු දිගින් හමන සුලඟින් නොසෙල්වෙන්නේ යම්සේද යමෙක් ආර්ය මාර්ගය වඩයි නම් ඒ සත් පුරුෂයා ඉන්ද්‍ර ඛීලයකි, ඒ ආනුභාවයෙන් සෙතක් සැලසේ කියලා. මෙතන සිව් දිගින් හමන හුළග කියුවේ  ” සතර අගතියට”. ඒ කියන්නේ  ජන්දය ,දෝස, භය, මෝහ   ලක්ෂණ වලට. 

කියන්න කනගා‍ටුයි ගෝඨා සර්, ඔයාට තියෙන්නෙම සතර අගති ලක්ෂණ . ඒවගේම තමා ගෝඨා සර් කල ගෙඩි පූජා තියමින් යන්නේ ආර්ය මාර්ගයේ නෙවේ. ගෝඨා සර් කලගෙඩි පූජා වැනි විවිධාකාරයේ වෘත සම්පූර්ණ කරමින් යන්නේ නිඝන්ඨ නාථ ගිය මාර්ගයේ . රතන සූත්‍රයෙන් පිහිටක් ලැබන්නම් ඒ කියන ගුණයෙන් යුතුව සිටිය යුතු වෙනවා .ගෝඨා සර්ටත් රටත් සෙතක් වෙන්නේ එවිට විතරයි. අනේ සර්, ඥාන අක්ක කියන කියන දේ කරන්ඩ යන්ඩ එපා.. අපිට කැඳත් නැති වෙයි.


තවත් අතෙකින් පෙර රජ දරුවො බුදු පිළිම , වෙහෙර විහාර හැදුවෙ කලා කෘති විදියට. ඒක නිසා පිළිම, වෙහෙර, විහාර වන්දනා කරා කියලා පුද්ගලයෙකුටවත් , රටකටවත් සෙතක්,විමුක්තියක් උදා වෙන්නේ නෑ.බෞද්ධ දර්ශනයේ කොටස් දෙකක් තියෙනව. කරුණා සාසනය සහ ප්‍රඥා සාසනය. පිලිම වන්දනා, පූජා, දාන මාන ඔය ඔක්කොම කරුණා සාසනය. ප්‍රඥා සාසනය කියන්නේ අවබෝධයෙන් ප්‍රහාණය කලයුතු කොටස. කරුණා සාසනය විසින් ප්‍රඥා සාසනය යටපත් කිරීම තමා බෞද්ධාගමට සිදු කරන විශාලතම හානිය.රටේ පාලකයා මේ විනාශයේ කොටස් කාරයෙකු වීම මහා ඛේදවාචකයක්. අනේ සර් දැන්වත් හරි බෞද්ධයෙක් වෙමුද? නැත්නම් සර්රුත් කම්මුතුයි, අපිත් කම්මුතුයි.

No comments:

Post a Comment