Sunday 18 April 2021

මෝඩ කර්මාන්ත ඇමති බිත්ති බැඳිම පසෙකලා මිලියන 10ක් වියදම් කොට වහලය හදයි – අයියෝ සල්ලි !

විමල් වීරවංශ පෙරේදා මෝටර් රථ එකලස් කිරීම පිලිබද SOP පොත ජනගත කරන උත්සවයක් පැවැත්වූයේය. උත්සවය පැවැත්වුනේ ශ්‍රැන්ග්‍රීලා හෝටලයේය . අහෝ ! එම උත්සවයට එකදු ආයෝජකයෙකු වත් පැමිණි සිටියේ නැත.

උත්සවයට පැමිණි අය කාබී විසිර ගියා මිස SOP පොත පරිශීලනය කරන මට්ට්මේ කිසිවෙකු එහි නොවීය. විමල්ගේ ගොන් පාට් උත්සවයට වැය කළ මුදල මිලියන 10 කට වැඩිය.

SOP පොතක් යනු මහාපරිමාන උත්සවයක් පවත්වා සමාන්‍ය ජනතාවට හඳුන්වා දිය යුතු යමක් නොවේ. ජනතා මුදල් මිලියන 10 කාබාසිනියා කොට SOP පොතක් ජනගත කළ ලෝකයේ එකම රට ලංකාවය.

SOP එකක් යනු භාන්ඩයක් නිපදවීමට අදාල උපදෙස් මාලාවකි. ලංකාවට අවශ්‍ය ඇත්තේ භාන්ඩ නිපදවීමට ආයෝජකයන් මිස උපදෙස් මාලා නොවේ. වහලය සාදන්නේ බිත්ති බැදීමෙන් පසුවය.

උදාහරණයක් ලෙස ලංකාවේ ඉදික‍ටු නිෂ්පාදනය කරන්නේ නැත. ලංකාවට අවශ්‍ය වන්නේ ඉදික‍ටු නිෂ්පාදනය පිළිබද SOP එක නොව ඉදික‍ටු නිෂ්පාදනය සදහා ආයෝජකයන් ආශක්ත කර ගත හැකි වැඩ පිලිවෙලකි.

තවද මෝටර් රථ එකලස් කිරීම යනු 70 ගණන් වල සිට මෙහි තිබෙන කර්මාන්තයකි . උපාලි විජේවර්ධන 70 දශකයෙදී මැස්ඩා සහ ‍ෆියෙට් මෝටර් රථ එකල්ස් කිරීම ආරම්භ කළේය. එම ව්‍යාපාරය නැවතුනේ SOP පොතක් නැති නිසා නොව ලංකාවේ එවැනි ව්‍යාපාර වලට සුදුසු වට පිටාවක් නැති නිසාවෙනි.

ලංකාවේ ප්‍රමුඛ අවශ්‍යතාව SOP නොව ආයෝජන හිතකාමී පරිසරයකි. උදාහරණයක් ලෙස 2020 World Bank Doing Business index එකේ ලංකාව සිටින්නේ 99 වැනි ස්ථානයේය. සිවිල් යුද්ධයෙන් ලංකාවට වඩා හෙම්බත් වූ රුවන්ඩාව සිටින්නේ 38 වැනි ස්ථානයේය.

වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව රුවන්ඩාවේ ස්ථාපිත කළේ එහි SOP පොත තිබීම නිසා රුවන්ඩාවේ වූ ආයෝජන හිතකාමී පරිසරය නිසා බව විමල් වීරවංශ තේරුම් ගත යුතුය.

No comments:

Post a Comment