Sunday 18 April 2021

ගම්මන්පිල ටිරාන්ගේ නිවසේදී සජිත් හමුවෙලා , 41 දෙනෙකු සමග එක් වීමට ප්‍රතිඥා දීලා

පසුගිය 9 වැනිදා ආණ්ඩුවේ මන්ත්‍රීන් 43 දෙනෙකු අතිවිශේෂ කටයුත්තක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ හමු විය. මහින්ද හමුවූ මන්ත්‍රී පිරිසේ මූලිකත්වය ගෙන කටයුතු කළේ ප්‍රමිත තෙන්නකෝන්ය.

මහින්ද හමුවූ මන්ත්‍රී පිරිස විමල් වීරවංශට සහ ගම්මන්පිලට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් කළේය . ඒවා ඔප්පු කිරීමට සාක්ෂිද ඉදිරිපත් කළේය. එම කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව විමල් සහ ගම්මන්පිල පක්ෂයෙන් සහ ඇමතිධූරවලින් ඉවත්කරන ලෙස උදක්ම ඉල්ලා සිටියහ.

මෙම ප්‍රවෘත්තිය ප්‍රධාන ධාරාවේ පුවත්පත් සහ වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර තිබුණි. එපමනක් නොව පසුගිය සතියේ විමල් වීරවංශට සහ ගම්මන්පිළට එරෙහිව තවත් ප්‍රභල ප්‍රහාර 3ක් එල්ල විය.

  1. ඊලග ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත් 2025 දී අවශ්‍ය වන්නේ සුළු ජාතික ඡන්ද ලබාගත හැකි අපේක්ෂකයෙකු බවට ගෝඨා ප්‍රකාශ කිරීම
  2. විමල් වීරවංශ සහ ගම්මන්පිල අප්‍රිකානු වනාන්තර වල සිටින හයිනා නම් විලෝපිතයන්ට සමාන කොට උදයංශ වීරතුංග කළ ප්‍රකාශය
  3. මෙවර ගල්ලෙන බිඳින තෙක් බලාගෙන නොසිටින බවත් ඊට පෙර කැරළි කරුවන් එලවා දමන බවට බැසිල් කළ ප්‍රකාශය

මේ වන විට විමල්ට සහ ගම්මන්පිලට, බැසිල් සමග ගමනක් නැති බව සක්සුදක් පැහැදිළි වී ඇත. කරුණු එසේ වු හෙයින් මීට දින කිහිපයකට පෙර ගම්මන්පිල ටිරාන් අලස්ගේ නිවසේදී සජිත් ප්‍රේමදාස හමුවිය. තමන් සමග මන්ත්‍රීවරු 41 දෙනෙක් සිටින බවත් තීරණාත්මක හෝරාවේදී සජිත් සමග එක්වීමට හැකි බව ගම්මන්පිල එහිදී ප්‍රකාශ කොට ඇත.

නමුත් ගම්මන්පිළ සමග එතරම් පිරිසක් නැති බව බත් කන ඕනෑම අයෙකුට තේරුම ගත හැකි කරුණකි. නාථ දේව කල්ලිය, විමල්ගේ ගේ පිරිස සහ ගම්මන්පිල හැරුනු කොට වෙන කිසිවෙකු ඔවුන්ට නැත. ඔවුන් සතු පිරිසේ උපරිමය 5කට වැඩි නැත. එයට සිරිසේනගේ කල්ලිය එක්වුනද මුළු පිරිස 15 කට වැඩි වන්නේ නැත.

සිරිසේන, ටිරාන් සහ ගම්මන්පිල ගිල්වූ ලණුව නිසා සජිත් මේවන විට සිය බ්ම් මට්ටම ගොඩ නැගීමද පසෙකලා ඇත. එජාප ඡන්ද ආශක්ත කර ගැනීමේ වැඩසටහනද අත හැර දමා ඇත. චම්පික රණවක වැනි විකල්ප නායකයන්ට පල නොකියා බෙදන පලා ප්‍රමාණය වැඩි කොට ඇත. වෙනත් වචන වලින් කිව හොත් සජිත් සිය සුරංගනා ලෝකය තුල රජවී අවසානය

No comments:

Post a Comment