Sunday, 18 April 2021

ක්ෂණික මෝචන දේශප්‍රේමීන් ඔසවා තැබූ මංජුල ලසන්ත අත්අඩංගුවට

 

මීට ටික කාලයකට පෙර csc srilanka ආයතනයේ නිර්මාතෘ යූ.ඒ එස් මංජුල ලසන්ත උක්වත්ත සමාජ ජාලා තුල වීරත්වයට ඔසවා තැබුවේය. මොහුගේ තේමාව වූයේ සිංහල ජාතිය ‍රැක ගැනීමය. සිංහල ජාතිය වඳ වී යන බවත් , ඒ නිසා සිංහළ කාන්තාවන් ගබ්සා කිරීම නැවැත්විය යුතු බවය.

තම ආයතනය වන csc srilanka ගබ්සා ගැට්ටට පැමිනි කාන්තාවන් ‍රැක බලා ගන්නා බව ඔහු කියා සිටියේය . ඔහු අළුත උපන් නිවුන් දරුවන් දෙදෙනෙකු සමග ඡායා රූපයක් නිකුත් කළ අතර ක්ෂණික මෝචන දේශප්‍රේමීන්ගේ අත්පොලසන් මැද ඔහු වීරයෙකු විය.

නමුත් අද දින මොහු පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය. අලුත උපන් බිළිඳුන් 30 වැඩි ප්‍රමාණයක් මොහු විසින් විකුණා ඇති බවත්, එම ප්‍රමාණය ඊට බොහෝ සෙයින් වැඩි බව විමර්ෂණ වලදී සොයාගෙන ඇත.

මංජුල ලසන්ත උක්වත්ත මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් තහවුරු කළේය. විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බවත් csc srilanka ජාවාරමට සම්බන්ධ වැදගත් සාක්ෂි සියල්ල සොයා ගෙන ඇති බව අජිත් රෝහන සඳහන් කළේය.

ක්ෂණික මෝචන දේශප්‍රේමීන් විසින් මංජුල ලසන්ත වීරත්වයට ඔසවා තබන විට අපගේ වෙබ් අඩවිය සහ තවත් සමාජා ජාලා ක්‍රියාකාරින් කිහිප දෙනෙකු විසින් මොහු කරන්නේ ජාවාරමක් බව හෙලි කළහ. නමුත් ඒ අවස්ථාවේදී අපට සත් දිගින් ගල් ප්‍රහාර එල්ල විය. අපගේ ගිණුම රිපොට් වීම නිසා දින ගණනාවක් අක්‍රිය විය.

සත්‍ය දිය යට ආයාසයකින් රඳවාගෙන සිට්න රබර් බෝලයක් බදුය. කොයි මොහොතේ හෝ මතු වීම එහි ස්වභාවය වෙයි. ක්ෂණික මෝචන දේශප්‍රේමීන් විසින් ඔසවා තැබූ ධනපාල මෙසේන් බාස් සහ ඔහුගේ පැණිය ගැන අපට කීමට ඇත්තේ ඔය කථාවමය

මීට ටික කාලයකට පෙර චීවරධාරීන් පිරිසක් ( නායක හිමිකෙනෙකුද ඇතුළුව ) මංජුල ලසන්ත වෙනුවෙන් චරිත සහතික දුන් අයුරු පහත වීඩියෝවෙන් නරඹන්න

No comments:

Post a Comment