Sunday 18 April 2021

සජිත්ගේ ක්‍රියා කලාපය ගැන රාජිතගෙන් බරපතල චෝදනාවක්



මේ වන විට වනචර දශකයේ හොර මැරකම් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සුක වූ අයගෙන්  පළිගැනීමට කොමිසම් පත්කොට ඇත. එය මෙහෙයවන්නේ මූලිකවම බැසිල් සහ ගෝඨා විසිනි.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය පළිගැනීමේ කොමිසමක් බව සනාථ කරමින් පලිගැනීමට ලක් කළ යුතු දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ නම් සංශෝධනය කිරීමටද අවස්ථාව ලබා දී ඇත.

තරුණයක් 11 දෙනෙකු පැහැර ගැනීමේ නඩුවේ ප්‍රධාන චූදිතයෙකු වූ වසන්ත කරන්නාගොඩ තමාට පළිගැනීම්ට අවැසි දේශපාලකයන් නම් සංශෝධනය කරමින් කොමිසමට ලියවිල්ලක් බාර දුන්නේය.

එම ලියවිල්ල අනුව චූදිත ලැයිස්තුවෙන් අජිත් පී.පෙරේරා සහ රන්ජිත් මද්දුම බණ්ඩාර ඉවත් කොට ඒ වෙනුවට රාජිත සහ මංගල ඇතුල් කොට ඇත. එනම් සජිත් හිතවාදී මන්ත්‍රීන් ඉවත් කොට විපක්ෂයේ ප්‍රභල ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේ නම් ඇතුල් කොට ඇත.

ඊයේ සජබ මන්ත්‍රිවරුන්ගේ ‍රැස්වීම පැවැත්විය. එහිදී පලිගැනීමේ කොමිසම ගැන සාකච්ඡා වී ඇත. එහිදී අදහස් දක්වා ඇති රාජිත සේනාරන්ත මේ ආකාරයෙන් insert – delete කිරීම ලෝකයේ කිසිදු යුක්තිය පසිදලන ආයතනයක සිදු නොවන බව පෙන්වා දී ඇත. ආණ්ඩුවේ මන්ත්‍රීන් පවා කොමිසමට විරුද්ධ පසුබිමක විපක්ෂ නායකයා ඇල්මැරුණ ප්‍රතිපත්තියක සිටින බවට රාජිත චෝදනා කළේය.

මීට පෙර පැවැති ‍රැස්වීමෙදී ආණ්ඩුවේ මර්ධණකාරී වැඩ පිලිවෙළට එරෙහිව නිදහස් උළෙල වර්ජනය කළ යුතු බව රාජිත කීවේය.නමුත් එජාප ආණ්ඩු කාලයෙදීවත් නිදහස් උළෙලට නොගිය සජිත් ගෝඨාණ්ඩුවේ නිදහස් සැමරුමට ගියේය.

පළිගැනීමේ කොමිසම ගැන සජිත් දක්වන ඇල්මැරුණ ප්‍රතිපත්තිය ‍රැස්ව සිටි මන්ත්‍රීන්ගේ බලවත් අප්‍රසාදයට ලක් විය. සජිත්, රාජපක්ෂලා සමග එක්ව තමාට අභියෝගයක් වන නායකයන් දඩයම් කිරීම බොහෝ දෙනෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක් විය

No comments:

Post a Comment