Sunday 18 April 2021

වැඩ බැරි සුමේධ පෙරේරා ඉවත් කිරීමේ ඇත්ත කථාව මෙන්න


කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මීට දින 4 කට පෙර සිය ඉල්ලා අස්වීම විෂය භාර ඇමතිවරයාට යොමු කළේය. නමුත් ඉල්ලා අස්වීමට බල පෑ හේතුව එහි සදහන් කර නොතිබුණි. ඉල්ලා අස්වීමට හේතුව ලිපියේ සඳහන් නොකරන්නේ එය විෂය භාර ඇමතිවරයා සහ ජනාධිපති සහසුද්දයෙන්ම දන්නා නිසාය . එනම් හේතුව නොදන්නේ රටේ සාමන්‍ය පුරවැසියන් පමනි. නමුත් සුමේධ පෙරේරා තනතුරින් ඉල්ලා අස්වීමට බල පෑ සැබෑ හේතුව නෙළුම් මාවත හරහා අපට දැන ගැනීමට හැකි විය.

සුමේද පෙරේරා ඉල්ලා අස්වූවා නොව ඔහුට වැඩ බැරි නිසා තමා ඉල්ලා අස්වීමට නියෝග කළ බව මහින්දානන්ද මාධ්‍යට ප්‍රකාශ කොට තිබුනි . නමුත් මහින්දානන්දගේ ප්‍රකාශය අමු කෙබරයකි. මහින්දානන්ද වැනි පෙන්දෙකුට ජනාධිපති පත්කළ විශ්‍රාමික ජෙනරාල් කෙනෙකු අස් කිරීමට කොන්දක් නැත.

සුමේධ පෙරේරා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කළේ ගෝඨා බව සත්‍යකි. නමුත් ගෝඨා පත් කළ සියල්ලන්ගේ වැඩ අධීක්ෂනය කිරීමේ අධිකාරි බලය බැසිල් සතුවිය. ඒ අනුව මැතිඇමතිවරු සහ නිළධාරීන් මොනිටර් කිරීමට tools බැසිල් නිර්මානය කළේය. KPA සහ KPI ඒ අතර ප්‍රධාන විය. ( Key performance area & Key performance indicator) . ගෝඨා පත්වීමේ ලිපිය දෙන විට බැසිල් සැකසූ KPA (සාක්ෂාත් කළ යුතු ඉලක්ක) නිළධාරීන්/ ඇමතියන් අතට පත් විය

කෘෂි කර්මාන්තය ලංකාවේ ජනගහනයෙන් තුනෙන් එකකගේ ජීවනෝපාය වෙයි. එනම් ලක්ෂ 60 කට ආසන්න පිරිසක් දිවි ගැට ගසා ගන්නේ කෘෂි කර්මාන්තයෙනි. ලංකාවේ විශාලතම වපසරියක් හිමි අමාත්‍යංශය මෙය වෙයි. මේ වන විට එම ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග රාශියකි.

සහල් මා‍ෆියාව අද ගොවියා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වෙයි. එය ගොවියාට පමනක් නොව මුළු රටටම බලපාන කරුනකි. කරුනු එසේ හෙයින් සහල් මා‍ෆියාව පරාජය කිරීම කෘෂිකර්ම ඇමතිගේ සහ සහ ලේකම්ගේ KPI එකේ අංක එකට විය.නමුත් කෘෂිකර්ම අමාතංශයට ලබා දුන් කිසිදු ඉලක්කයක් ජය ගැනීමට ඇමතියා සහ ලේකමා සමත් වූයේ නැත.

එසේනම් ලේකම් පමනක් නොව ඇමතියාද අස්විය යුතුබව ඔබ විමසනවා සිකුරුය. ලංකාවේ සහල් මා‍ෆියාවේ ගෝඩ් ෆාදර් ඩඩ්ලි සිරිසේනය. සුමේද පෙරේරා මෙන්ම මහින්දානන්ද සහල් මා‍ෆියාව පරාජය කිරීමට කිසිවක් කිරීමට අපොසොසත් විය. මහින්දානන්ද FAIL වුවද ඩඩ්ලිගේ සාක්කුවට වැ‍ටුනේ නැත. නමුත් සුමේද පෙරේරා FAIL වූවා පමන් නොව ඩඩ්ලිගේ සාක්කුවටද වැ‍ටුණි.

පසුගියදා කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන සැසිය පැවැත් වුණි. බැසිල්ගේ KPI එක ඇප්ලයි කරන විට කෘෂිකර්ම අමාත්‍යංශය කුණු වී ගඳ ගසන තත්වයේ පසු විය. ගොවීන්ට පොහොර නැත. බිත්තර වී නැත. වී මිලදී ගැනීමට සැලැස්මක් නැත. ජාවාරම්කාර කෘෂි ව්‍යාපෘති හරහා මහා පරිසර විනාෂයක් සිදු කොට තිබුණි .ඒ මදිවාට ලේකම් ඩඩ්ලිගේ සාක්කුවේය.

වැඩ බැරි දූෂිත ලේකමා ඉවත් කිරීමේ තීන්දුව ගත්තේ FAIL ඇමතියා නොව බැසිල්ය. මෑතකදී බැසිල් රාජපක්ෂ කොළඹ ආණ්ඩුකාරයා වන වැඩ බැරී රෝෂාන් ගුනතිලකටද දෝෂාරෝපණය කළේය.

කරුණු එසේ හෙයින් Lankanewsapp හෙළිකරන තිත්ත ඇත්ත හමුවේ ගැරඬින්ට භූමි තෙල් වැදුනා මෙන් කලබල වී සිටින සේනාධිපතිටද මේවා හොද පාඩම්ය . රාජපක්ෂ ශරීරයේ කිනිතුල්ලෙකු මෙන් එල්ලී ජාතියේ ලේධාතුව උරා බොන තොප ගලවා විසිකරන හෝරාව ලග ලගම එළඹෙමින් ඇත. සේනාධිපති අයියේ .. ඔයාට ක‍ටුක යථාර්තයට මුහුණ දෙන්නම වෙනවා

පසු සටහන – කවුරු හරි කමල් ගුනේ අයියටයි , ජයනාත් කොලඹගේ අයියටයි මේ ලිපිය ටැග් කරන්ඩ. මීලග ප්‍රගති සමාලෝචන සැසිය තියෙන්නේ ඒ අයගේ අමාතංශ වල කියලා අපිට නෙළුම් මාවතෙන් දැන ගන්ඩ ලැබුනා

No comments:

Post a Comment