Thursday 22 April 2021

රට දෙකඩයි, Port city ට අතුල් වීමට චීන තානාපති කාර්යාලයෙන් අවසර ගත යුතුයි

 


කොළඹ වරාය නගරය නිරීක්ෂණය කිරීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් අවසර ගත යුතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන්  සඳහන් කරයි.

කොළඹ වරාය නගරය බැලීම සදහා තමන් ගිය අවස්ථාවේ ඊට අවසර නොලැබුනු බවද පැවසූ මන්ත්‍රීවරයා චීන තානාපති කාර්යාලයෙන් අවසර ලබාගෙන එන ලෙස දැනුම් දුන් බවද පැවසීය.

මන්ත්‍රීවරයෙක් ලෙස තමනට ලංකාවේ ඕනෑම තැනකට යාමට අවසර ඇතත් වරාය නගරය  බැලීමට අවසර නැතැයිද  සඳහන් කළේය.

ලංකාව එකීය රටක් නම් වරාය නගරයට ඇතුල් වීමට චීන තානාපති ගෙන් අවසර ගත යුත්තේ මන්ද යයි ඔහු ප්‍රශ්න කළේය. ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


චිනා පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන්ටත් සලකන්නේ එසේ නම් අපි වැනී පොඩි මිනිසුන්ට ඉදිරියේදී සලකන හැටි හිතා ගත හැකිය

චීන බූවල්ලාගේ අඩු ලංකාවේ සැම ක්ෂේත්‍රයක් පුරා අදහා ගත නොහැකි අන්දමින් පැතිර යමින් පවතියි. පන්සල්, මාධ්‍ය  ආයතන , වෘත්තීකයන්  මෙකී  නොකී බොහොමයක් තැන් චින අල්ලස් වලට යට වි ඇත  . ලියා තබා ගන්න .  චීනාගේ පලමු වීන්දිතයන් වන්නේ අද චීනා සමග එක ගෙයි කමිිිින් , චීන වරදාන වලට රට පාවාදෙන පූජ්‍ය පක්ෂය , මාධ්‍ය වේදීන්ම  බව  මතක් කරමි

No comments:

Post a Comment