Monday 19 April 2021

විමල්, වාසු, ගම්මන්පිල පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ගිය කතාව අමු කෙබරයක්, බැසිල්ගේ නාට්‍ය පිටපත මෙන්න !

 


විමල්, වාසු, ගම්මන්පිල පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ගිය කතාව අමු කෙප්පයක් බව නෙළුම් මාවතෙන් අපට වාර්තා විය. 

විමලෙ, ගම්මන්පිල , වාසු වැනි දේශපාලන අනාථයන් පක්ෂ නායක ‍රැස්වීමට සහභාගි නොවූ බව දිලිත්ගේ දෙරණ , අරුණ ඇතුලු ආණ්ඩුවේ මධ්‍ය වාර්තා කර තිබූනි. මෙය ආණ්ඩුව විසින්ම සැලසුම් කළ ගෝනි සෙල්ලමකි. 

විමල් , වාසු , ගම්මන්පිල වැනි චරිත යොදවා පෝට් සිටි විරෝදයක්  මුලින් මවා පා  පසුව වැඩකට නැති කොන්දේසි කිහිපයකට රජය එකග වූ බව පවසමින්  පනතට පක්ෂවීම සිදු වෙයි. මෙය බැසිල් විසින් සැලසුම් සහගතව පෙන්වන නාට්‍යකි.


විමලේ , ගම්මන්පිල , වාසු වැනි දේශපාලන අනාථයන්ටද බැසිල්ගේ සැලසුමට එකග වනවා හැර විකල්පයක් නැත. තම ජාමේ බෙරා ගැනීමට මෙය හොද අවස්ථාවකි. රජය බටහිර ජැටිය ඉන්දියාවට දුන්නේ මේ ආකාරයේ ගෝනි සෙල්ලමක් පාමිනි.

 අගමැති මහින්ද  පොහොට්‍ටුවේ සුලු පක්ෂ 11 ක නායකයන්ගේ රැස්වීමක් ඊයේ (19) කැඳවා තිබුණි 

එහිදී රැස්විම ආරම්භ වීමට පෙර මහින්ද හමූවීමට අවස්ථාවක් ලබාගෙන ඇති විමල්, වාසු සහ ගම්මන්පිල දහවල් පැවැත්වීමට නියමිත පක්ෂ නායක රැස්වීමට තමන්ට සහභාගි වීමට නොහැකි බවත් එමනිසා වෙනත් දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා ඇත. 

 මහින්ද,  විමලෙගේ , වාසුගේ සහ ගම්මන්පිලගේ ඉල්ලීම ගැන නොරොක්  වූ  ස්වභාවයක්  රඟ දක්වා ඇත.   “ඔහෙලම තමයි කතාකරන්න අවස්ථාව දෙන්නෙ නැ කියල තැන තැන කියවන්නේ. දැන්  Meeting එක කැඳෙව්වම පැනල යනවා” යනුවෙන් පවසා ඇත.

 මෙවැනි නාට්‍ය ඕනෑ තරම් අප දැක ඇත. මේවාට නො‍රැවටෙන ලෙස අප ජනයාගෙන් ඉල්ලා සිටිමු. මෙවැනි නාට්‍ය පෙන්වන්නේ පෝට් සිටියට එරෙහිව සැබෑ විරෝදය හයි ජැක් කිරීම සහ දියාරු  කිරීමටය.

1 comment: