Saturday 10 February 2018

බ්‍රිගේඩියර් කුනා‍ටුවේ තිරය පි‍ටුපස කථාව




සිංහයෙකු පසුපස යන නරියෙකු වූවාට කම් නැත නමුත්  කිසි දිනෙක නරියෙකු පසුපස  යන සිංහයෙකු නොවන ලෙස උපදේශයක් ඇත . මෙම උපදේශය ගෙනහැර දැක්වූයේ නිදහස් දිනදා පෙන්වූ ලන්ඩන් නාටකය සම්බන්දව නොව එහි තිරය පිටුපස කතාව  සම්බන්දයෙනි. යුධ හමුදාවේ බොහෝ දෙනෙකුට නම් බ්‍රිගේඩියර් ප්‍රියංක ගැන අමුතුවෙන් කිවයුතු නැත . ඒ තරමට ඔහුගේ කලකිරියාව දනී.

සුද්දා රට පාලනය කරන සමයේ රේල් පාරේ මලපහ කිරීම සුලබ දසුනක් විය. මෙය සුද්දන්ට මහත් හිසරදයක් විය. ඒ අනුව ඔවුන් එම කලකිරියාවට එරෙහිව අණ පනත් ගෙන ආවේය.  රේල් පාරේ මලපහ කිරීම දඩුවම් ලැබියහැකි වරදක් බවට පත් කලේය.  රේල් පාරේ මලපහ කොට අසුවන උන්ට දඩමුදල් ගෙවීමේ හැකියාවක් නොවූ අතර ඔවුන් නිරතුරුව සිරගෙයි තැප්පේය. නිදහස් සටනේ වීරයන්ද අත් අඩංගුවට ගැනීම හා සිරගෙයි තැපීම එකල සුලභ සිදුවීමක් විය . කිරීටයේ ජුබිලි දිනයක් දා සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ලැබිනි . ඒ අනුව නිදහස් සටනේ විරුවන් පිරිසකට නිදහස ලැබිනි . මොවුන් පිලිගැනීම මල් මාලා දමා උත්සවශ්‍රීයෙන් සිදුවිය. නිදහසේ විරුවන් සමග රේල් පාරේ මල පහ කල අයෙකුටද නිදහස ලැබී තිබුනි. කරුනු කාරනා පිලිබද අවබෝධයක් නොවූ ජනතාව රේල් පාරේ රුන් එකාත් මල් මාලා දමා පිලි ගත්තේය .

නිදහස් දිනයදා ලන්ඩන් හිදී  ආන්දෝලනයට ලක්වූ බ්රිගෙඩියර් මහින්ද රාජපක්ෂගේ රෙජීමයේ උදහසට ලක්වූ අයෙකි. රාජපක්ෂ රෙජීමය පැය 24කින් ඔහුගේ සේවය අවසන් කලේය . යටකී බ්රිගේඩියර් සිය ඉතිහාසය  ජාතික න්යාය පත්රය හා එකට ගලපා  කටයුතු කලේනම්  දෙමල ඩයස්පෝරාව සමහ පාලමක් තැනිය හැකිව තිබුනි. මහජන මුදලින් පඩිකන ඩී. ලාගේ මූලික වගකීම එයයි. කොටි දේශපාලන පෙරමුනේ පදනම සවිමත් කිරීම නොව එය බිදදැමිම ඔවුන්ගේ මුඛ් රාජකාරියයි .නමුත් ඔහු හෝ අනෙකුන්ද  එවැන්නක්  කීරීමට තරම් විච්ක්ෂන බුද්ධියකින් හෙබි අය නොවේනිදහස් දින සිදුවීමෙදී ගැලරියේ විසිල් පාරට අඩව්වක් ඇල්ලුවා මිස ඉන් එහා යමක් නොවිනි.

ලන්ඩන් බ්‍රිගේඩියර්ගේ   කල කිරියාව සැලවූ විගස යුධ හමුදාපතිවරයා පිලිබද විමසූ බැලූ අතර ඔහුගේ මතය වූයේ එය නිලධාරියෙකුට  තරම් නොවන  හැසිරීමක්  බවය . ඔහුගේ මතය විදේශ කටයුතු අමාත්යංශයටද නොනිල අයුරින් දැනුම්දී තිබුනි. විදේශ කටයුතු ලේකම් අදාල බ්‍රිගේඩියරයාගේ  දූත මණ්ඩල රාජකාරිය අත්හි‍ටුවූයේ ඒ අනුවය. දැවැන්ත මැතිවරණ පරාජයක් ඉදිරියේ හිස ගිනිගෙන සිටින සිරිසේන ජනපතිට මෙය සැලවිය. මැරෙන්ඩ යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවාසේ සිරිසේන මෙම සිද්ධිය දේශපාලන වාසිතකා භාවිතා කලේය.

විදේශ ලේකම්ට කතා කල සිරිසේන  බ්රිගේඩියරයා යලි දුත සේවයේ  පිහිටුවන ලෙස බලපෑම් කලේය , අනතුරුව හමුදාපති මහේෂ් සේනානායකට කථා කොට බ්‍රිගේඩියර්  සම්බන්දව විනය ක්රියාමර්ග නොගන්නා ලෙස දන්වා සිටියේය. තවද සිරිසේන විසින් රාජපක්ෂ රෙජීමයෙන් බ්‍රිගේඩියර්ට අත්වූ ක‍ටුක අත්දැකීම් පිලිබද හෙලිදරව් කරන ලෙස  හමුදාපතිවරයාට දන්වා තිබුනි. එහි අරමුණ දේශපාලනය බව අමුතුවෙන් කිවයුතු නොවේ .  හමුදාපතිට ට්‍රැවිස් සින්නයිගේ ඉරණම් සිහිවූවාට සැක නැත. හමුදාපති විසින්  කොලේ ඉරා ගත්තද ගද ගසන තත්වයට  පත් නොවීම අගය කල යුතුය


මැතිවරණ අවසානයත් සමග බ්‍රිගේඩියර්ගේ දූත සේවය පිලිබද තීන්දුවක් ගැනීම නියතය. දූත සේවය අවසන් කල විගස  ඔහු යලි මව් බිමට පැමිනිය යුතුය. ජනපතිගේ සහ හමුදාපතිගේ සායම යන්නේ එවිටය. මහේෂ් සේනානායකලා  ට්‍රැවිස් සින්නයියලා යනු ඕනෑම හමුදාවක කාලයකින් පහල වන අග්‍රගන්‍ය චරිතය . නමුත් රාජපක්ෂලාගේ සහ සිරිසේනලාගේ මුග්ධ දේශපාලනය ඔවුන් ගිල ගෙන හමාරය. සිංහයෙකු පසුපස යන නරියෙකු වූවාට කම් නැත නමුත් නරියෙකු පසුපස යන සිංහයෙකුගේ ගත යුත්තක් නැත.

ලියුම්කරු - කීර්ති රත්නායක

No comments:

Post a Comment