Tuesday 11 May 2021

තැන තැන කයිවාරු ගහ ගහ ඇවිදින්න එපා….! කොවිඩ් පරදන සැලැස්මක් ඇත්නම් කියන්න…! – නාමල් සජිත්ට කියයි…

 


රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සතුව සැලැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි විපක්ෂ නායකතුමාට ආරාධනා කරනවා තැන් තැන්වල කියවන්නෙ නැතුව එන්න වාඩිවෙලා සාකච්ඡා කරලා, ඔබට සැලැස්මක් තියෙනවා නම් අපට කියන්න, අපි එකතුවෙලා මේක කරමු.

මොකද මේක කෝවිඩ් වසංගතය. මේක මැතිවරණය නෙවෙයි. මැතිවරණයෙ දි අපි ඡන්දෙ කරනවා. ඉතිං විපක්ෂ නායකතුමාටත් මං ආරාධනා කරනවා, මං කලිනුත් ආරාධනා කළා එන්න ඔබතුමා කියන විදියට ඔබතුමාට ඔය සැලැස්මක් තියෙනවා නම් ඇවිල්ලා වාඩිවෙලා සාකච්ඡා කරලා ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න අපි සහයෝගය දෙන්නම්. කිසි ප්‍රශ්නයක් නෑ.”

අමාත්‍ය නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ දින දහයෙන් ඇඳන් දසදහසක් වැඩසටහනේ කටයුතු පිළිබඳව ඊයේ (10) ගාල්ලේ දී නිරීක්ෂණය කරන අතරේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Emanisa web

1 comment:

  1. තමන්ට සැලැස්මක් නෑ කියල පිලිඅරගෙන සැලැස්මක් තියන කෙනෙක් ඉන්නවනම් දෙන්න කියන්න තරම් නිහතමානී වීම ගැන ස්තූතියි.

    ReplyDelete