Friday 7 May 2021

කරාපිටිය ඩොකා පට්ට හොරෙක් - චමුදිත , ඕෂධි සහ ශ්‍රියන්ත යොදවාගෙන ප්‍රමෝට් කළ පෙත්ත බොන්ඩ එපා !

 


කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් සම්පත් ගුණවර්ධන නැමැත්තා හඳුන්වා දුන් කොරෝනා මඩින බෙහෙත් පෙත්ත සම්පූර්ණ බොරුවක් බව  කොළඹ අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේය 

 සම්පත් ගුණවර්ධන නැමැත්තා  විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බවත් චමුදිත වැනි මාධ්‍ය වේදින් සහ ඕෂධී , ශ්‍රියන්ත වැනි කලා කරුවන් එම ව්‍යාජ පෙත්තට ප්‍රචාරයක් දීම අපරාධයක් බව ඔහු කීවේය .

ඖෂධයක් සොයා ගත්තේ නම් එය තහවුරු කරන ක්‍රමයක් පවතින බවද  ඖෂධ වලට මුවාවී දැන් සිදු කරන්නේ ජාවාරමක් බව  විශේෂඥ වෛද්‍යවරයා කීවේය 

කරාපිටියේ වෛද්‍යවරයා සොයා ගත් බව කියන ඖෂධයේ සත්‍යයක් නොමැති නිසා මුදල් නාස්ති කර නොගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

චමුදිත , ඖෂධී, ශ්‍රීයන්ත වැනි අය ව්‍යාජ බේත් ප්‍රමෝට් කරන්නේ නොදැනුවත් කම නිසා නොව  ඔවුන් එම ජාවාරමේ  කොටස් කරුවන් නිසා බවද ජනයා තේරුම් ගත යුතුය 

No comments:

Post a Comment