Sunday 2 May 2021

සිනී සහ පොල් තෙල් වලින් වැඩ පෙන්වූ වියත් මග රන් කඳ නුෂාඩ්ට උසස් වීමක් !


සිනී සහ පොල් තෙල් වලින් වැඩ පෙන්වූ වියත් මග රන් කඳ නුෂාඩ් පෙරේරා ප්‍රමිති කාර්යංශයේ සභපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අද දින වාර්තා කළේය.  නමුත් එම පුවත නිවරදි විය යුතු යයි අපට හැ‍ඟෙයි.

නුෂාඩ් යනු ගෝඨා ගේ දෑත් ශක්තිමත් කරන අයෙකි . ඔහුට මුලින්ම ලැබුනේ සතොස සභාපති තනතුරය . සතොස සභාපති නුෂාඩ් පෙරේරා බිලියන ගණනක් වංචා කොට අතේ කෝට් විය. නුෂාඩ් මහ දවල් භාණ්ඩාගාරය මංකොල්ල කෑවා කීවද වැරදි නැත .

නීතිය ක්රියාත්මක වන රටක නම් වංචාවේ ගෝඩ්ෆාදර් සමගම සභාපති නුෂාඩ් මහ උළු ගෙදර යෑම නියතය. භාණ්ඩාගාරය මංකොල්ල කෑ එකෙකුට ලෝකයේ කිසිම රටක  මුක්තියක් ලැබේ යයි සිතිය නොහැක .

අහෝ!  මෙසිරි ලංකාව කෙතරම් සුන්දරද ? මුක්තිය පමනක් නොවේ නුෂාඩ්ට හිටියාට වඩා හොද තනතුරක් ලැබුනේය . ඔහු ප්‍රමිති කාර්යංශයේ සභාපති ලෙස පත්විය.

නුෂාඩ්ට ලැබුන නව තනතුර, පොල් බෑය සොරා ගත් බල්ලාට උම්බලකඩ පලුවෙන් ගැසුවා වැනි විය. නුෂාඩ් ප්‍රමිති කාර්යංශයට පත්වූ විගස කූට ව්‍යාපාරිකයන් ‍රැගෙන ආ විෂ පොල්තෙල් රට තුලට මුදා හැරියේය. එය මංකොල්ලයක් පමනක් නොව සීංහල අවුරුද්ද පවා අල කළේය

ගෝඨා ජනාධිපති වීමට පෙර නුෂාඩ් පෙරේරා සමග ඉතා කිට්ටු සම්බන්ධයක් පැවැත්වූයේය. මොහු වියත් මග කවයේ ප්රභල සාමාජිකයෙකි.

වෙළද ඇමතිට ජනපති හමුවීමට ඇපොයින්ට්මන්ට් දැමිය යුතු වුවද සතොස සභාපතිට ඔනෑම මොහොතක මිරිහානේ නිවසට ගොස් ජනපති හමුවිය හැකි විය.

කරුණු එසේ හෙයින් නුෂාඩ් ඉල්ලා අස්වුනා සිතීම මුලාවකි. නුෂාඩ්ට තවත් උසස් වීමක් ලැබුනා ලෙස නිවරදි විය යුතු යයි අපට සිතේ .නව තනතුර තව නොබෝ දිනකින් බාර ගනු ඇත

No comments:

Post a Comment