Wednesday 12 May 2021

තහනම් කළ අන්තවාදි සංවිධාන වෙනත් නම්වලින් ක්‍රියාත්මක වෙනවා ද?


 පාස්කු කොමිසමේ නිර්දේශවලට අදාළව ශ්‍රී ලංකාවේ තහනමට ලක් කෙරුණු ඉස්ලාම් අන්තවාදී සංවිධාන එකොළහ වෙනත් නම්වලින් යළි ආරම්භ කර ඇද්ද යන්න සොයා බැලීමට පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ආරම්භ කර තිබේ.

රහසිගත ලෙස  මෙම සංවිධානය පවත්වාගෙන යන්නේද යන්න සොයා බැලීමට මෙරට බුද්ධි අංශ කණ්ඩායම් ගණනාවක් ඔස්සේ විමර්ශන සිදු කරන බවත් මෙම රහසිගත සංවිධානයවලට විදේශ මුදල් ලැබෙන්නේ ද යන්න සොයා බැලීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව බුද්ධි අංශ ප්‍රධානියෙක් පැවැසීය.


No comments:

Post a Comment