Monday 10 May 2021

දූෂණ විරෝධී කමි‍ටුව නීතී විරෝධී නම් රට අමු සොහොනක් කළ කොරෝනා කමි‍ටුව ගැන කිව හැක්කේ කුමක්ද ?


රටේ මුදුන්මල්කඩ වන් ව්‍යවස්ථාව අනුව ව්‍යවසනයක් පාලනය  කීරීමේ බලතල  කැබිනට් මණ්ඩලය සහ ජනාධිපති සතු විය යුතුය. ශ්‍රි ලංකාව ජනරජයක් නම්  එය එසේ සිදුවිය යුතුමය. ජනරජයේ පාලකයන් මහජන නියොජිතයන්ට වගවීම අත්හල නොහැකි වගකීමකි 

හමුදා ජුන්ටාවක තත්වය මීට වෙනස්ය.එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නැත.එහි මහජන නියෝජිතයන්ට තැනක් නැත.රට පාලනය කරන්නේ හමුදා අධිකාරියක් විසිනි.පරිපාලන තීන්දු, තීරණ සහ  බලතල හමුදා ජුන්ටාව සතුය. හමුදා ජුන්ටාවට පාර්ලීමේන්තුව හෝ  මහජනයාට වග වීම අදාල නැත 
 
ගෝඨාණ්ඩුව ජනසම්මතවාදයට , ප්‍රජාතන්තවාදයට පි‍ටුපාමින් හමුදා ජුන්ටාවක ස්වරූපයෙන් වැඩ කොට රට අමු සොහොනක් කළ  කළ බවට ලියුම් කරු සතුව  සාක්ෂි ඇත .ගෝඨාණ්ඩුව  කෝවිඩ් කමි‍ටු වලින් කළේ කොරෝනා පාලන කිරීම නොව මුදල් හම්බ කිරිම බව පෙන්වීමට ඕනෑ තරම් සාක්ෂි ඇත 

විදේශ ශ්‍රමිකයන් නීරෝධායනය ගැන නීති පැනවූයේ හමුදාපති ප්‍රමුඛ කොවිඩ් කමි‍ටුවය. ඒ අනුව විදේශ  ශ්‍රමිකයෙකු මෙරටට පැමිනීමට පැය 72 කට පෙර  PCR කළ යුතු විය . ගුවන් යානයට ගොඩ විය හැකි වූයේ  PCR  නෙගටිව් අයට පමනි

ශ්‍රමිකයන් ලංකාවට පැමිණි විගස ගුවන් තො‍ටුපොළේදී ශ්‍රමිකයන්ගේ වියදමින් තවත් PCR  එකක් කළේය. එහි ප්‍රතිඵලය නෙගටිව් වුනා කියා ඔවුන්ට ගෙදර යා හැකී වූයේ නැත.ඔවුන් හෝටල් කොරොන්ටීන් සදහා යොමු කළේය . මෙම ක්‍රියාදාමය හරහා  රු ලක්ෂ 3වැඩි මුදලක් අසරණ ශ්‍රමිකයන්ගෙන් කඩා ගත්තේය. 

අහෝ ! නමුත් දැන්  කොරෝනා පොසිටිව් යයි තහවුරු වූ රෝගීන් 5000 වැඩි  පිරීසක් සිටින්නේ නිවෙස් වල බව සෞඛ්‍ය බලධාරීන් විසින්ම ප්‍රකාශ කොට ඇත. PCR  දෙකකින් කොරෝනා නෙගටිව් විදෙස් ශ්‍රමිකයන් හෝටල් කොරන්ටින් සදහා යොමු කළේ ගසා කෑමට බව මින් තහවුරු නොවේද ?

 තවද විදේශ  ශ්‍රමිකයන්  දහස් ගණනක් මැදපෙරදිග කාන්තාරයේ අසරණව සිටිය්දී ඔවුන් ගෙන්වා ගැනීම පසෙක තබා යුක්‍රේන් සංචාරකයන් ගෙන්වා ගත්තේය . දින 14 නිරෝධායනය ඔවුන්ට බල පෑවේ නැත. ඔවුන් රට පුරා ගොස් හිතේ හැටියට කොරෝනා බෝ කළේය 

ශවේන්ද්‍රගේ මූලිකත්වයෙන් පත්කල කොරෝනා කමි‍ටුව මුදල් හම්බ කළා මිස කොරෝනා වෛරසය පාලනය නොකළ බව ඔප්පු කිරීමට තවත් ඕනෑ තරම් සාක්ෂි ඇත .ලංකාවට කොරෝනා බෝ කිරීමේ වගකීම ශවින්ද්‍රගේ කමි‍ටුව විසින් බාර ගත යුතුය . මොහුට හමුදා පනත යටතේ චෝදනා පත්‍රයක් ලබා දිය යුතුය 

තවද  රජය විසින් පත් කළ දූෂණ විරෝධී කමි‍ටුව   නිති විරෝධී බව ගෝඨාණ්ඩුව ප්‍රකාශ කළේය . එම කමි‍ටුවේ සාමාජිකයන්ගේ  ප්‍රජාඅයිතිය අහෝසි කිරීමට  නීදේශ කළේය 

දූෂණ විරෝධී කමි‍ටුව නීතී විරෝධී නම්  ලංකාවට කොරෝනා බෝ කරමින් එය ජාවාරම්ක් කරගත්  ගෝඨාණ්ඩුවේ කොරෝනා කමි‍ටුව ගැන කිව හැක්කේ කුමක්ද ?

ලියුම්කරු  ගෝඨාණ්ඩුවේ කූට නිරෝධායන ජාවාරමට හසු වූ විදේශ ශ්‍රමිකයෙකි. 

No comments:

Post a Comment