Saturday 8 May 2021

ගෝඨාණ්ඩුව කොරෝනා වලට මුවාවී හෙණ ගහන ජාවාරමක, හමුදාවත් සම්බන්ධයි - වෛද්‍යවරයෙකු හෙලි කරයි


පෞද්ගලික රෝහල් හිමිකරුවන් කොරෝනා වලට මුවා කරන ජාවාරමක් ගැන වෛද්‍ය වරු පිරිසක් තොරතුරු හෙළිකොට ඇත. ප්‍රකොටිපති ව්‍යාපාරිකයන් සංචාරක හොටල් කුලියට ගෙන ඒවා කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ඉහල මුදලකට අලෙවි කරනු ලබයි.

කොරොන්ටයින් මුදලාලි නායකත්වය දෙන හමුදාවද මෙම ජාවාරමට සම්බන්ධ වී ඇත .ගෝඨාභය මිනිහෙකු නම් මෙම ජාවාරම නවත්වනු ඇතැයි කියාද  වෛද්‍යවරයා සටහන් කොට ඇත 

එම එම ජාවාරම ගැන කීර්තිමත් වෛද්‍යවරයා  මුහුණු පොතේ දැමූ සටහන පහත පරිදිය

ප්රසිද්ධ පෞද්ගලික රෝහල්වලින් හෝටල් බද්දට ගෙන පවත්වාගෙන යන කොරෝනා ප්රතිකාර මධ්යස්ථාන වල දෛනික ගාස්තුව රු. 15000-20000 අතරෙ තියෙන්නෙ. විටමින් සී පෙත්තයි විටමින් බී එකයි පැනඩෝලුයි කෑම වේල් තුනයි දෙන්නෙ. මේක මහා නින්දිත ගසා කෑමක්. වසංගතයකිනුත් හම්බකරන මහ නින්දිත, තුඡ්ච, අමනුස්ස වැඩක්.

රජයෙන් මේව අනිවාර්යෙන්ම නියාමනය කළ යුතුයි. මොකද මේක හම්බ කරන වෙලාවක් නෙවෙයි. මිනිස්සුන්ට සේවය කරන්න ඕනි වෙලාවක්. මේ රටේ හුඟක් පුරවැසියො අතින් මුදල් වියදම් කරගෙන මේ වසංගතයෙන් ගොඩ එන්න රජයට උදව් කරන මේ වෙලාවෙ,
තවත් සමහරෙක් සියලු ව්යාපාර කඩා වැටිල හතේ හත වැදිලා ඉන්න වෙලාවෙ, ගෝඨාභය මහත්තය මනුස්සයෙක් නම්, මම තරයේ විශ්වාස කරනව සතියක් යන්න කලින් මේක නියාමනය කරල ගැසට් එකක් ගහයි කියල.
තත්වය මෙහෙම ගියොත් මිනිස්සු හැංගිලා ගෙවල්වල ඉන්න එකවත් ගෙදරම මැරිල යන එකවත් වළක්වන්න බැරි වෙයි. සමහරෙක් කැලේ පැනල ගල්ගුහාවලත් ඉඳියි PHI ලගෙන් බේරෙන්න.

 Former Medical Officer ETU at Colombo South Teaching Hospital - Kalubowila


No comments:

Post a Comment