Sunday 9 May 2021

ගල උඩ සටනට එක්වන්න ! .. ජාතියේ පිනට පහලවූ නායකයා කෙරේ විශ්වාසයෙන් සිටින්න - GR Media


ලොව භයානකම  කොරෝනා ප්‍රභේද 5 රට තුලට ඇතුල් වී ඇති බව අද දින ජාතික පුවත් පත් වාර්තා කොට ඇත.  

වසංගතයක් යනු භූගෝලීය ප්‍රදේශයක් තුළ  වාසය කරන ප්‍රජාව වෛරස්,  බැක්ටීරියා වැනි සතුරු  ප්‍රහාරයකට ලක් විමය. 

මෙහිදි අප  නොපෙනෙන සතුරෙකු සමග  සටන් කරන බැවින් එය ජය ගැනීමට නම් නවතම මානයක සටන් ක්‍රම යොදා යොදා ගත යුතුය 

වෛරස් යුද්ධය අප ඉල්ලූවක් නොවන නමුත්  ඕනෑම යුද්ධයකදී  පිරිසක් පීඩාවට පත් වීම නොවැළැක්විය හැක. ලෝකයේ කීසිම රටකට පරාජය කළ නොකැකියයි කියූ LTTE ත්‍රස්තවාදය පරාජය කළා සේ කොරෝනා වෛරසයද පරාජය කළ හැක. 

 කොරෝනා වෛරසය පරාජය කිරීමට අවැසි දැල මේ වන විටත් එළා අවසානය.

LTTE  ත්‍රස්තවාදය  පරාජය කිරීමට අප අනුගමනය කළේ ලොව කිසිවෙකුට නොදෙවෙනි සුවිශේෂ සටන් ක්‍රම බව රහසක් නොවේ. අප ඉතා ශූක්ෂම ලෙස  කරුනා , ඊපීඩීපී, සහ  LTTE ය   කොටවා එය  ඔවුන්ගේ යුද්ධයක් බවට පත් කළෙමු 

 ලෝකයේ භයානකම වෛරස් 5 ලංකාවට ඇතුල් වෙලා යයි  පත්තරකාරයන් කීවද  එය යුධ උපායක් බව දැන් ඔබට වැටහෙනවා ඇත.  වෛරසයකට එරෙහිව අනෙක් වෛරසය කොටවන යුධ උපාය දැන් ක්‍රියාත්මකය 

LTTE  සමග සටනේදී  රජයට  අනෙක් සටන් කල්ලි වලට යම් අනුග්‍රහයක් දැක්වීමට සිදු විය. එම තියරිය අනුව ලොව දරුණුම බ්‍රිතාන්‍ය  වෛරසයට අප විශේෂ අනුග්‍රහයක් දැක්වූයෙමු.

 කොරෝනා  බ්‍රිතාන්‍ය ප්‍රභේදය ඇතුළු වූයේ උදයංගගේ  සංචාරක බුබුල හරහා යයි රවි කුමුදේශ් කරන ප්‍රකාශය බොලද එකක් බව දැන් ඔබට වැටහෙනවා ඇත   

රට තුලට ඇතුල් වූ  දරුණු වෛරස් 5 කොටවා එය ඔවුන්ගේ යුද්ධයක් බවට පත්කිරීමේ බුද්ධි අංශ මෙහෙයුම දැන් ක්‍රියාත්මකය . ලොව භයානකම වෛරස් 5 උනුන් මරා ගැනීම ආරම්භ වී ඇත. කොරෝනා වෛරසය  ලක් පොළොවෙන් අතු ගෑවී යන දිනය වැඩි ඈතක නොවේ
 
කරුණු එසේ හෙයින් කොරොනා අරමුදල,   ICU  ඇඳන් , වැක්සීන්,  ඔක්සිජන්, කන බොන ඒවා ගැන අසන ප්‍රශ්න  ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ බව බුද්ධිමත් ජනයාට වැටහෙනු ඇත

ගල උඩ සටනට එක්වන්න .. ජාතියේ පිනට පහලවූ අසමසම  රණකාමී නායකයා කෙරේ විශ්වාසයෙන් සිටින්න

GR Media 

No comments:

Post a Comment