Friday 7 May 2021

ඊයේ තහවුරු වූ කොරෝනා මරණ 19, තවත් මරණ ගණනාවක් සැක ලැයිස්තුවේ !

 


කොවිඩ් -19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් ඇති බවට අද (07) දිනයේ තහවුරු වී තිබේ.ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 764කි.

PHI  සංගමයේ සභාපතී උපුල් රෝහන සහ රජයේ වෛද්‍යවරු ප්‍රකාශ කරන  පරිදි දිනක මරණ ප්‍රමානයට ඇතුල් කරන්නේ මිය යන ප්‍රමාණයෙන් ඛාණ්ඩයක් පමනි. 

පී.සී.ආර් පරීක්ෂණයකින් කොරෝනා රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති අයෙකු මිය ගිය හොත් ඔහු කොරෝනා මරණ  ගොඩට එක් කරනු ලබයි.

නමුත් නිවසක, මහ මග හෝ වෙනත් නැතන කොරෝනා ලක්ෂණ සහිතව පුද්ගලයෙකු මිය ගියද පී.සී.ආර් පරීක්ෂණයක් පවත්වා තහවුරු කරගන්නා තුරු ඔහු කොරෝනා මරණ ගොඩට එක් කළ නොහැක.

එම පරීක්ෂණය යම් කාල පමාවකින් යුතුය . ඇතැම් විට දින කිහිපයක් ගත විය හැක .මේ ආකාරයට  තහවුරු වන කොරෝනා මරණ , ලැයිස්තු ගත  නොවන  බව පසුගියදා  රජයේ වෛද්‍ය වරු පෙන්වා දුන්හ 


No comments:

Post a Comment