Wednesday 5 May 2021

ජාතික ආරක්ෂාවට මුවා වී ජාතික ආරක්ෂාව විනාශ කරන්න එපා .. රිෂාඩ් කී කථාව ඇස් පනාපිට සත්‍ය වෙයි

 


පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට පාර්ලිමේන්තු පැමිණීමට තවදුරටත් ඉඩ නොදෙමින් මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කර තිබෙන බවට අද (05)  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූයේය .

ඊට පිළිතුරු දුන් සරත් විරසේකර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර දීමෙන් එම විමර්ශන කටයුතුවලට බාධාවක් මතුවිය හැකි බව  කියා සිටියේ

තවද  පරීක්ෂණ අවසන් වන තුරු පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර නොදෙන ලෙස සරත් වීරසේකර කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. 

සරත් වීරසේකරගේ මෙම කරුණු දැක්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ල වීය.

 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ට පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුනද මහජන  නියෝජිතයන්ගේ අයිතීන් සහ වරප්‍රසාද ආරක්ෂා කිරීමට කථානායකයා අපොහොසත් විය 

අදෘෂ්‍යමාන හස්තයක් විසින් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන බලකණු යටපත් කොට ඇති බව පැහැදිළිය. එම අදෘෂ්‍යමාන හස්ථය  අන්කිසිවක් නොව 20 වන සංශෝධනයෙන් මහා බලයක් දුන් විධායකයයි

මේ ඔබ දකින්නේ ෆැසිස්ට් පාලනයක රුව ගුණය 

No comments:

Post a Comment