Thursday 13 May 2021

අර්බුධයේ උච්ච අවස්ථාවේදී ජාතියේ පුනර්ජීවන බළකායේ සභාපති බැසිල් - රට පැන්නා - සජිත් කියයි


  ජාතියේ පුනර්ජීවන වගකීම භාර දුන් නායකයන් කොරෝනා වසංගතය හමුවේ ජනතාව අතරමං කර දමා විදේශ ගත වන තත්වයක් නිර්මාණය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  සඳහන් කරයි.

පසුගිය මැතිවරණ කාලවලදී නිරතුරුවම ජනතාව සමඟ සිටි මෙම අය රටට නායකත්වයක් අත්‍යවශ්‍යව ඇති මොහොතක ජනතාව අතරමං කර රටින් පළා යාම ගැන කිසිදු ජනතා ප්‍රසාදයක් හිමි නොවන බවද ඔහු පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා මර්දනය සම්බන්ධයෙන් ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පැන නැගී තිබුණද වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ අයාලේ යන තත්ත්වයකට පත්ව ඇතැයි ද ඔහු චෝදනා කළේය.


No comments:

Post a Comment