Friday 14 May 2021

කොරෝනා මර්ධන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානියා පැදුරටත් හොරෙන් රට පැන්නා !

 


අද මාධ්‍ය හමුවක් පවත්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල බැසිල්ගේ හදිසි රට පැනීම සහ රටේ තත්වය ගැන අදහස් පල කළා

කොවිඞ් අර්බුදයට මුහුණ දෙන්න ජනාධිපති කාර්ය සාධක  බලකායක් නිර්මාණය කෙරුවා, එකේ ප‍්‍රධානියා පෙරේදා පාන්දරම රට පැන්නා !

 අසනීපයකට බෙහෙත් ගන්න ගියා කියනවා. නමුත් ලංකාවේ වෛද්‍යවරු නැද්ද?

 එදා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණ වේලාවේ එවකට රජයෙන් සුදානම් කලා එතුමා ඇමරිකාවට ගෙනිහිල්ලා ප‍්‍රතිකාර කරන්න. නමුත් එතුමා කිව්වා ලංකාවේ වෛද්‍යවරු පිළිබද විශ්වාසයි කියලා.

 යුද්ධයේ උච්චතම අවස්ථාවකත් ද්‍රවිඩ වෛද්‍යවරයෙකු තමා එතුමාට ප‍්‍රථිකාර කෙරුවේ.

 පාලකයෝ හැටියට අපේ රටේ වෛද්‍යවරු පිළිබද විශ්වාසයක් නැතිනම් අපි කොහොමද අපේ රට පාලනය කරන්නේ?

 රජයේ අලූත්ම තර්කය තමයි ජනතාවට දොස් පැවරිම. විනය ගැන කථා කරනවා, නමුත් මම අහනවා විනය ගැන රජය ආදර්ශයක් දෙන්න ඕන. රටේ ඇතුලේ සංචරණ සීමා පනවලා, කොව්ඞ් කාර්්‍ය සාධක මණ්ඩලයේ ප‍්‍රධානියා රට අත්හරලත් ගියා. ?.

ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා එන්නත් කවලම් කරලා පාවිච්චි කරන්න පුළුවන් කියලා, නමුත් වෛද්‍ය සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේ මැතිනිය කිව්වා එය අවදානම් කියලා.

අද රට අවුල් ජාලාවක් වෙලා

 

No comments:

Post a Comment