Sunday 2 May 2021

පල්ලන්සේන කඳවුර රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වධකාගාරයක් - අසේල සම්පත් හෙළිදරව් කරයි


ශිෂ්ඨාචාරගත නීති රාමුව අනුව සැකකරුවෙකු අත්අඩංගුවට ගත් පසු නිසි අධිකරණයක් හමුවට පැමිණවිය යුතුය.  සැකකරු විමර්ශන සදහා තවදුරත් රඳවා ගැනිමට අවශ්‍ය නම් විණිසුරු විසින් ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරයි. 

නමුත් මේ දිනවල පවතින වසංගත තත්වය නිසා  සැකකරුවන් එක එල්ලේ බන්ධනාගාර ගත නොකරන අතර පලමුව නීරෝධායනය සඳහා යවනු ලබයි.

සැකකරුවන් නිරෝධායනය  සඳහා යවනු ලබන්නේ දළපොත පල්ලන්සේන  කඳවුර වෙතය. මෙම කඳවුර මීට පෙර  තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක විය 

සිංහළ අවුරුදු කාලයේ බන්දුල ගුණවර්ධන සහ සමාජ ක්‍රියා කාරියෙකු වූ අසේල සම්පත් අතර ගැ‍ටුමක් ඇති විය . අවුරුදු කාලයේදි රජ්‍ය අනුග්‍රහයෙන් දියත්ව තිබු  ජනයා රවටන කූට  දේශපාලන ව්‍යාපෘති ගැන අසේල කථා කළේය .(බන්දුලගේ අ-සහන මල්ල).  

අසේලගේ ආන්දෝලනාත්මක  හෙළිදරව්  පිළිබදව පාරිබෝගික ඇමති  බන්දුල දැඩි කෝපයෙන් පසුවූ අතර අසේල අත් අඩංගුවට ගත යුතු යයි ගුඟුලේය. 

මර්ධනයේ අණට කීකරු වූ පොලීසිය අසේල අත් අඩංගුවට ගත්තේය . ඔහු අත් අඩංගුවට ගත්තේ සොරකම් , මිනී මැරුම් වැනි සමාජයට එරෙහි චෝදනාවකට නොවේ. 

අසේල කලකට ඉහතදී සැකකරුවෙකුට ඇප ලබා දීමට ඉදිරි පත් වි තිබුණි. නමුත් අවාසනාවට එම පුද්ගලයා උසාවිය මග හැරියේය  ( එයද කූට සැලසුමකි,  අසේල කො‍ටු කිරිමට එලූ ශූක්ෂම සැලසුමකි )  ඒ අනුව අවසානයේ ඇපකරුවා වූ අසේල අත් අඩංගුවට ගත්තේය.

ඇප ලබාදීමට පොලීසිය විරෝධය පල කිරීම නිසා අසේල රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය .ඒ අනුව ඔහු නිරෝධායනය සදහා පල්ලන්සේන කඳවුරට යැවූයේය . එහිදී අසේලට නිරුවත් කොට පහර දී ඇත  . 

පල්ලන්සේන කඳවුර පාලනය කරන බන්ධනාගාර නිළධාරීන් සහ ඔවුන්ගේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක  සිරකරුවන්  වදකයන් ලෙස ක්‍රියා කරන බව අසේල මධ්‍ය හමුවේදි හෙළිකළේය 

එය නීරෝධායන කඳවුරක් නොව වඳ කඳවුරක් බව අසේල කිවේය තමාගේ ඇස් ඉදිරිපිටම සිරකරුවන් හය දෙනෙකුගේ කකුල් කැඩූ බවත්  ඒ අතර රණවි‍රුවෙකුද සිටි බව  අසේල සම්පත් ප්‍රකාශ කළේය 

කරුණු එසේ නම් මේ අප දකින්ගේ ෆැසිස්ට් පාලනයක රුව ගුණ නොවේද ?

No comments:

Post a Comment