අද වන විට කොරෝනා ව්‍යාප්තිය අතින් ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉන්දියාවටත් වඩා දරුණු බව සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.
ලංකාවේ දැනට ආසාදිතයන් ලක්ෂ තිහක් සිටින බව ද ඔහු පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තුල පැතිරීමේ වේගය ඉන්දියාවට වඩා ඉහළ බවත් මේ සම්බන්ධයෙන් වගකිව යුත්තේ වසංගත රෝග විද්‍යා අංශය බවත් ඔහු කියා සිටී.
ඔවුන් විසින් අසත්‍ය පවසමින් ද බලධාරීන් සහ රට නොමග යවා ජනාධිපතිවත් හමුදාපතිවත් මුළා කර ඇතැයිද ඒ මහතා චෝදනා කරයි.
අන්තර්ජාල නාලිකාවක් සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.
No comments:
Post a Comment