Sunday 9 May 2021

කොක්ගල නිදහස් වෙළද කලාපය කොරෝනාවට බිළි වෙයි - ප්‍රදේශයම අනතුරේ


 කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා තුල කෝවීඩ් ව්‍යාප්තිය වේගවත් වී ඇත ආයතන ගණනාවක ආසාදිතයන් වාර්තා වුනත් මේ වනවිට එම ආසාදිත කීපදෙනා පමණක් ඉවත් කර අනිකුත් සේවක සේවිකාවන් සේවයට කැඳවමින් තිබේ

.එමෙන්ම පසුගිය කාලයේදී සිදු කල පීසීආර් පරීක්ෂණ ප්‍රමානයද මේ වන විට අවම කර ඇත. 

කොග්ගල කලාපය තුල පීසීආර් පරීක්ෂණ පවත්වන්නේ හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙනි. මේ අතර ඊයේ (08) හබරාදූව සෞබ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිල ෆේස් බුක් පිටුවේ නිවේදනයක් පල කර කියා තිබුනේ රසායනාගාර ධාරිතාව ඉක්ම ගොස් ඇති බැවින් සහ පීසීආර් කට්ටල හිඟ බැවින් පීසීආර් පරීක්ෂණ සීමා කර ඇති බවයි. 

මෙසේ පීසීආර් පරීක්ෂණ අඩු කිරීමෙන් සහ කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් සිදූවන තත්වක් තුල සේවයට කැඳවීමෙන් කලාපය තුල සේවක සේවිකාවන් බරපතල ජීවිත තර්ජනයකට මුහුණපා සිටී. 

 කොග්ගල වෙළඳ කලාපය තුළ පවතින කර්මාන්තශාලා මේ ආකාරයට කොවිඩ් පැතිරීම ගැන සැළකිල්ලකින් තොරව සිය කටයුතු පවත්වාගෙන යාම හරහා මුළු ප්‍රදේශයම කොරෝනා වලට බිලි වී ඇත .

No comments:

Post a Comment