මෙරට ජනගහනයෙන් මිලියනයකට අධික සංඛ්‍යාවකට කොවිඩ් මර්දන එන්නත දී ඇති බව රජය පැවසුවද සත්‍ය එය නොවේ . ලංකාවේ තිත්ත ඇත්ත පහත පරිදිය
දෙවැනි මාත්‍රාව ලබා දී ඇති පිරිස = 233 992
ලංකාවේ ජනගහනය = 21 413 249
එන්නත ලබා දී ඇති ප්‍රතිශතය 233 992 / 21 413 249 X 100= 1 %
ෆයිසර් එන්නත සොයා ගත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය . නමුත් ලංකාවේ රජය මේසෙන් බාස් පැණියක් පෙන්වමින් නාඩගම් නැටුවා මිස එන්නත්කරණය ගැන උනන්දු නොවීය.
මේ අතර එන්නත්වල වාස්ථවික බව බරපතල ලෙස ප්‍රශ්නකාරී වී ඇත . ඇස්ටසෙනිකා හා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ගත් ලබා ගත් පුද්ගලයින්ගෙන් 1/3කට කොරෝනා වළදී ඇති බව ඔප්පු වී ඇත . (Seychelles දිවයිනේ දත්ත මගින් මෙය ඔප්පු වී ඇත )
එනම් ලංකාවේ 1% වත් ආරක්ෂිත නැත. දෙකෝටියක් ජනයා කොරෝනා මාරයා අභියෙස සිටියි
තවද ලංකාවේ රෝහල් පද්දතිය සතුව ප්‍රමාණවත් ICU ඇඳන් , ඔක්සිජන් , ඖෂධ, රොහල් කාර්ය මණ්ඩල සදහා ඇඳුම් ආයිත්තම් නැති බව වෛද්‍යවරු විසින්ම ප්‍රකාශ කොට ඇත
මූලාශ්‍රය - https://www.epid.gov.lk/web/
No comments:
Post a Comment