Monday 3 May 2021

පොහොර නැව් 2 හරවා යැවූ පුවත නන්දසේනගේ අමු කෙබරයක් , ඇත්ත කථාව මෙන්න !

 


ගෝඨාබය මැතිවරණයට පෙර කීවේ පොහොර නොමිලේ දෙන බවය. නමුත් දැන් පොහොර නොමිලේ දීමට ආණ්ඩුවට මුදල් නැත . බොරුව සිය ආගම කොටගත් රාජපක්ෂලා  දැන් අමුතු කථාවක් කියමින් යයි.මිනිසුන්ගේ ජීවිත ගැන සිතා රසායනික පොහොර ආනයනය නවතා දැමූ බව ගෝඨා කිවේය 

ලංකාවේ වැඩිම ජීවිත හානියක් සිදු වන්නේ අරක්කු , සිගරට්, කසීප්පු නිසාය. නන්දසේන ඔය කියන තරම් මිනිසුන්ගේ ජීවත වලට ආදරේ නම් පලමුව ඒවා තහනම් කල හැකි නොවේද ?

නමුත් නන්දසේන දැන් කසිප්පු පවා ප්‍රමෝට් කරන මට්ටමට  වැටී ඇති බව එරික් පෙරේරාගේ සිදුවීමෙන් පැහැදිලි විය.

චීනයේ සිට මෙරටට පැමිණි රසායනික පොහොර මෙට්‍රික් ටොන් 18,000 ක් අඩංගු නෞකා දෙකක් ආපසු හරවා යවා  යැවූ පුවත ආණ්ඩුවේ අමු කෙබරයක් බව රජයේ ප්‍රබලයෙක් අප සමග කීවේය 

භාණ්ඩ ආනයනය සංකීර්ණ ක්‍රියාවලියකි. විකුණුම් කරුවෙකුට කෝල් එකක් දි  ''අපිට පොහොර නැවක් එවන්ඩ''   කී පමනින් ලංකාවට පොහොර එන්නේ නැත .

ඒ ආකාරයෙන්ම ඇනවුම් කොට මග එන පොහොර නැවක් ''  ඔය පොහොර නැව අපිට එපා,  හරවගෙන ආපසු යන්ඩ ''  කියා  ප්‍රතික්ෂේප කිරීමද කළ නොහැක 

භාන්ඩ ආනයනය බැංකු ක්‍රමය,ණයවර ලිපි , අත්තිකාරම් මුදල්, වෙළද නාවික සේවාව,රක්ෂණ , වෙළද ගිවිසුම්, බදු ගෙවිම් හා බැඳුන  ක්‍රියාවලියකි. 

පොහොර නැව් හරවා යැවූ කථාව ආණ්ඩුවේ අමු කෙබරයක් බව බත් කන මිනිසුන්ට වටහා ගැනීම අපහසු නොවේ

එසේ නම් ගෝඨා එන්නේ මොකාටද ?

ගෝඨා පොහොර නොමිලේ දීමට පොරොන්දු වූ වූ බව රහසක් නොවේ. නමුත් එය කිරීමට මුදල් නැත . එමනිසා  '' උන්නා හැටියට මළ මදෑ '' ගෝනි සෙල්ලම පාමින් සිටියි.

එනම් දැන් ගොවින් විය හැකි දුෂ්කරම අඩියට පත් කොට ඇත.  මින් ඉදිරියට  පොහොර නොමිලේ ඉල්ලා කීසිවෙකු උද්ඝෂණය කරන්නේ නැත . 

මින් ඉදිරියට ගොවීන් ගෙන් ඇසෙන්නේ  ''අනේ අපි  සල්ලි දීලා පොහොර ගන්නම් '' , යන බයාදු ආයාචනය පමනි 


No comments:

Post a Comment