Sunday 18 April 2021

හකීම් එළවා මුස්ලිම් නායකත්වය නසීර්ට – බැසිල්ගේ කෙස් කෙලින් කරන කුමන්ත්‍රණය මෙන්න!

 

බැසිල් මුස්ලිම් ජනයා සමග ගණුදෙණු කරන්නේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති අයුරිනි. කොලඹ සහ නුවර සාම්ප්‍රදායික මුස්ලිම් නායකයන් බැසිල්ට දිරවන්නේ නැත . ඔහු පෑහෙන්නේ නැගෙණහිර සහ මන්නාරම වෙසෙන සද්ගුණවත් මුසොල්මානුවන් සමග පමණි.

යුධ අනාථයෙකු ලෙස පුත්තලමට පැමිණි රිෂාඩ් බදුර්දීන් මහා දේශපාලකයෙකු කළේ බැසිල්ය. විල්පත්තුවේ මුස්ලිම් ජනයා පදිංචි කිරීමට අවසර දුන්නේ බැසිල්ය. අශ්රෝෆ්ගේ හදිසි මරණයෙන් සේදී ගිය නැගෙණහිර මුස්ලිම් බල කඳවුරට ජීවය දුන්නේ බැසිල්ය .තවුහිද් ජමාත් නිර්මාතෘ බැසිල්ය.

20 වැනි සංශෝධනයට මුස්ලිම් මන්ත්‍රීන්ගේ බා ගැනීම කළේ බැසිල්ය. නසීර් අහම්ඩ් ( නැගෙණහිර ) , හාරිස් ( මුස්ලිම් කොන්ග්‍රසය ) සහ අමීර් අලි ( රිෂාඩ්ගේ පක්ෂය ) යන දේශපාලකයන් හරහා බැසිල් සමස්ථ මුස්ලිම් දේශපාලණය හසුරුවනු ලබයි.

බැසිල්ට බාදාවකට ඇති එකම මුස්ලිම් දේශපාලකයා හකීම්ය. රවුෆ් හකීම් නිසා බැසිල්ට රිසි සේ මුස්ලිම් දේශපාලණය හැසිරවීමට නොහැක. කරුණු එසේ හෙයින් බැසිල්ගේ මූලිකත්වයෙන් හකිම් අතුගා දැමීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකය.

මුස්ලිම් කොන්ග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ( High command ) 80 දෙනෙකුගෙන් සමන්විතය . එම මණ්ඩලයේ සාමාජිකයන් 50 කට ආසන්න පිරිසක් සිටින්නේ බැසිල්ගේ සාක්කුවේය . රවුෆ් හකීම් ඉවත් කිරීමට උත්තරීතර මණ්ඩලයේ සාමාජිකයන් 60 දෙනෙකුගේ අනුමැතිය අවශ්‍ය වෙයි.

හකීම් මුස්ලිම් කොන්ග්‍රසයෙන් එළවා දමා අනුප්‍රාප්තිකයා ලෙස නසීර් අහමඩ් පත් කිරීම බැසිල්ගේ සැලසුමය.නසීර් අහමඩ් කවුද කියා ශ්‍රී ලංකිකයන්ට අමුතුවෙන් කිව යුතු නැත . ප්‍රෝටකෝල් පල හිලව්වක් නිසා නිළ ඇදුමෙන් සිටි ජේෂ්ඨ නාවික නිළධාරියෙකුට ප්‍රසිද්ධියේ දෝෂාරෝපන කළේ මොහුය .

උත්තරීතර මණ්ඩලය හකීම් ඉවත් කිරීමට කැමති වුවද නසීර් පත් කිරීමට කැමති නැත. කෙසේ වුවද බැසිල්ගේ මුදල් වලට එම අභියෝගය ජය ගැනීමද දුෂ්කර නොවනු ඇත.

ශ්‍රී ලංකාව තුල බුර්කාව තහනමට කිරීම ගෙන යන මෙහෙයුමද බැසිල්ගේ ජිල් මාට් එකක් බව තොරතුරු දුන් මුස්ලිම් මන්ත්‍රීවරයා අප සමග කීවේය. බැසිල් මේ හරහා මුස්ලිම් ජනයා ප්‍රාණ ඇපයට ගන්න බවත් ඉන් නිදහස් කිරීමට බැසිල් ඉල්ලන කප්පම ජනාධිපතිධූරය බව වැඩි දුරටත් කීවේය

No comments:

Post a Comment