Sunday 18 April 2021

ෆොන්සේකා කිරි කලයට ගොම තැම්බක් එකතු කරයි- ඊයේ කථාවට දස අතින් විරෝධය !

 

සමගි ජන බලවේගයේ වර්ෂ පූරණ ‍රැළිය ඊයේ පැවැත් වුණි. එය ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියල්ලන් දෙවූ කීරි කලයකි. නමුත් සරත් ෆොන්සේකා ඊයේ කිරි කලයට ගොම තැම්බක් එකතු කළේය. ෆෝන්සේකා දිර්ඝ කථාවක් කරමින් ඇමති සරත් වීරසේකරට සහ රනිල්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්නේය.

 මහින්ද  2005 බලයට පත්වන විට සරත් ෆොන්සේකා සිටියේ ගෙදර යන ගැට්ටේය. වහා ක්‍රියාත්මක වූ මහින්ද චක්‍රලේඛ සංශෝධනය කරමින්  ෆොන්සේකා හමුදාපති කළේය. නමුත් 2009 වන විට සරත් ෆොන්සේකා මහින්දට එරෙහි විය. ෆොන්සේකා  මහින්දට එරෙහිව ජනපති සටනට ආවේය. 

 මහින්ද එවර සිය මැතිවරණ ව්‍යාපාරයේ තේමාව ලෙස  සංවේදී වැකියක් ඉස්මතු කළේය . කෘතු ගුණ දැක්වීමේ  මානුෂීය ගුණය මහින්දගේ මැතිවරණ සටනේ තේමාව විය .මහින්ද මැතිවරණය ජය ගත්තේය.

ෆොන්සේකා අවඥා සහගත ලෙස පරාජය විය. කැම්පේන් එකට ලැබුනු මුදල් ෆොන්සේකාගේ පෞද්ගලික ගිනුම් වල තිබී හමු විය. තරු පටි පදක්කම් පිළිබද කථාව කවරක් වුවද මහජන නියෝජිතයෙකු ලෙස ෆොන්සේකා අසාර්ථකය.

ෆොන්සේකාට පසුගිය ආණ්ඩුවේ  වන ජීවී ඇමතිකම ලැබුනි. ඊලාම්  යුද්ධය මෙන්ම   අළි මිනිස් ගැ‍ටුම ද ඛේදවාචකයකි. මෙම ගැ‍ටුම් වලින් වසරකට මියයන  අලි ගණන 400 කට වැඩිය, මියයන මිනිසුන් ගණන ඊට වැඩිය. විනාශ වන නිවාස සහ ගොවි බිම් දහස් ගණනකි.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට දියනිය ‍රැගෙන යමින් සිටි පියා වල්  අලි ප්‍රහාරයකට ලක්ව මිය ගිය සිදුවීමක් පසු ගිය ආන්ඩු කාලයේදී වාර්තා විය. නමුත් ෆොන්සේකා කිසිවක්  කිරීමට අසමත් විය . ඔහු කළ එකම දෙය සිය නියෝජ්‍ය ඇමති වූ පාලිත තෙවරප්පෙරුම් සමග කුලල් කා ගැනීමය

ෆොන්සේකාගේ චරිත කථාව තුල නොනවතින ‍රැල්ල පරාජය කිරීමේ සිට මේජර් ජෙනරාල් ජී.ජී. කුලතුංගගේ නිවසේ සිටි මෙහෙකාරිය  දක්වා කථා කියවිය හැක. නමුත් ෆෝන්සේකා අශිෂ්ඨ ලෙස ඇමති සරත් වීරසේකට සහ රනිල් වික්‍රමසිංහට Below the belt   ප්‍රහාර එල්ල කළද   ඔවුන් කිසි දිනක එම තත්වයට වැටෙන්නේ නැත. 

 මිනිසුන් ලෙස  අප සමාජයේ ජීවත් වන විට  පවත්වාගෙන යායුතු මානුෂීය ගුණධර්ම රාශියකි. සරත් ෆොන්සේකා යනු  ශිෂ්ඨ සම්පන්න සමාජයක ‍රැකිය යුතු යයි සම්මත අවම ගුණධර්ම වත් නොරකින අයෙකි . එය ඔහු ඊයේ හැසිරුන අන්දමින් යලිත් වතාවක් සනාත කළේය  

තරු හමුදා නිළධාරියෙකු වීම මානුෂීය ගුණාංග අතික්‍රමණයට  බලපත්‍රයක් නොවේ. වහාම ක්‍රියාත්මක පරිදි ෆොන්සේකා ශිෂ්ඨාචාර ගත විය යුතුය. ඔහු ඊට අකමැති නම් ප්‍රජාව විසින් ඔහු ශිෂ්ඨාචාර ගත කල යුතුව ඇත.  

ෆොන්සේකා ව්‍යවස්ථාදායකයේ නියෝජිතයෙක් පමනක් නොව ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක සභාපතිවරයෙකි.  ෆොන්සේකා අශිෂ්ඨ ලෙස වැඩ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයටම විනයකි.

ෆොන්සේකා ම්ලේච්ඡයෙකු ලෙස හැසිරුන හොත්  පුරවැසියන් හමුවේ  බලපවත්වා ගත යුතු සදාචාරමය සුජාතත්වය සජිත්ගේ  පක්ෂයට අහිමි වනු ඇත. සජිත් කෙසේ වෙතත් ජලනි තත්වය වටහා ගනු ඇතැයි අප සිතමු. 

No comments:

Post a Comment